19 සංශෝධනය දිව්‍යාංගනාවක්, සුරංගනාවියක්.. ජනපතිට එපා වුණාට අපට කරන්න දෙයක් නෑ..

June 27, 2019 at 4:40 pm | lanka C news
19 සංශෝධනය දිව්‍යාංගනාවක්, සුරංගනාවියක්.. ජනපතිට එපා වුණාට අපට කරන්න දෙයක් නෑ..

19 සංශෝධනය මෙරට ජනතාවට පෙනෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දිව්‍යාංගනාවක් නැතහොත් සුරංගනාවියක් ලෙසින් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ජනාධිපතිවරයාට 19 සංශෝධනය මෙතරම් එපාවී ඇත්තේ ඔහුට කැමති අගමැතිවරයෙක් කැමති වෙලාවක පත්කර ගැනීමට නොහැකිවීමත් කැමති පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකි වීමත් නිසා බව ඔහු කියා සිටී.

19 සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලද ව්‍යවස්ථාමය වෙනසක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

21 views

16 Comments to “19 සංශෝධනය දිව්‍යාංගනාවක්, සුරංගනාවියක්.. ජනපතිට එපා වුණාට අපට කරන්න දෙයක් නෑ..”

  1. sunimal says:

    19 සංශෝධනය බටහිර කුමන්ත්‍රණයක් මෙය අවලංගු කල යුතුය

  2. desabimanaya says:

    මෙවැනි මාතෘකා කථාකරන්න තරමි ඔබ දේශපාලන අත්දැකිම්අතින් පරිණත නෑ නේද

    You are not yet mature enough to talk about such type of topics

  3. one shot says:

    බෙහෙත් දෙන්නට බැරි දොස්තර​?

  4. Pretty COORAY says:

    Anee paww meka monaa dannawada muge thaatha hinda deshapalane ta aapu Ekane…? Meeta a passe wath Pawle ewunta chande lluwata denna honda naha …? Danaganilla …!!! Thaththagen puthata , ammagen puthaata …? Unge paramparawama parlimenthu yawanna wa Ape vahallu …? Nodakin

Main News