19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක්.. එය ඉවත් කිරීමට අවශ්‍යයි..- ජනාධිපති

December 29, 2019 at 4:40 pm | lanka C news
19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක්.. එය ඉවත් කිරීමට අවශ්‍යයි..- ජනාධිපති

ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රීයතාව කාලීන අවශ්‍යතාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දි මේ අදහස් පළ කළේය.

ජනාධිපතිවරණයේ දී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමේ විශාල ශක්තියක් වු සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිතුමා සිය ස්තූතිය පුද කළේය.

“සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමකි.” ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයන්ගේ වගකිමක්” ජනාධිපතිතුමා පැවසීය. රාජ්‍ය සේවය සෑමවිටම දුෂණයෙන් තොර විය යුතු බව ද අවධාරණය කෙරිණි.

“රට සංවර්ධන මගට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් තිබියදී 2015 දී පැවති රජය පරාජයට පත් විය. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සාධක අවබෝධ කරගත යුතුය.” නැතහොත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින් අහිමි වූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළයුතුය. එමඟින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

විදේශීය ආයෝජකයන් 2015ට පෙර රට කෙරෙහි තබා තිබූ විශ්වාසය නැවත ඇති කළ යුතුය. රට නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේ දී විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසිය.

අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විටත් ගොවීන්ට ලැබෙමින් පවතී. එමෙන්ම බදු සහන සහ සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධවක් වී තිබේ. මෙය ඉවත් කර ගැනිමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනතා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය එය බව ද ජනාධිපතිතුමා කීය.

පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

135 views

18 Comments to “19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක්.. එය ඉවත් කිරීමට අවශ්‍යයි..- ජනාධිපති”

  1. SAKKILI SIRA says:

    SAKKILI SIRA, MADE A REAL TRAP FOR THE COUNTRY.
    We all curse This illegitimate dog

    • SIRA says:

      19 කිය කියා කෑ මොර දිදී මිනිස්සුන්ගේ චන්ද ඉල්ලන්න කලින් රාජිතයව විනාඩියක්වත් වැලීකඩ තියලා එන්නකෝ

  2. Jayantha says:

    We Sinhalese need to get together and give the 2/3rd majority to Mr. Gotabhaya and Pohottuwa to do their best for the country.

    Also we invite peace loving Tamils and Muslims to join without falling in to traps of their political leaders.
    They are cheating you by giving different ideas for their survival

  3. Jude says:

    Ok. Without changing 3 times for presidentcy. We will not accept to change it other people need to haev a chance.

  4. සරදියෙල් says:

    18 වෙනි ව්‍යවස්ථා සංශෝදනය නැවත බලාත්මක කල යුතුයි. විධායක බලතල නැවත ස්ථාපිත කලයුතුයි. වැඩකට නැති ස්වාදීන කොමිසන්සභා අවලංගු කර දැමිය යුතුයි. එවිටයි නිදහසේ රට පාලනය කල හැක්කේ. ප්‍රධාන අමාත්‍යංශ සියල්ල ජනාධිපතිතුමා යටතේ පැවතිය යුතුයි.

  5. Kevin says:

    අනිවාර්යයෙන්ම.. ඔය මගුල ගෙනාවේ ගොබ්බ රනිලාට දිනන්න බැරි නිසා.

  6. Bambuwa says:

    පව්ල් පාලනය අවුරුදු 50කට ප්ලෑන් කරනව වඟේ?

    • 😡😡😡😡😡😈 says:

      රට නැඟෙනවා නම් පවුල් පාලනෙන් හරි
      නැති නම් උඹත් වහලෙක් වෙයි කවද හරි
      දමිල-හම්බ උඹෙ ඉඩම අයිති කර දාට හරි
      වැටහේ රටේ බලය අපිට නැතිව දුකට හරි

      • Wijedasa R says:

        Sinhala un vadiyenma Muslim ayata Colombo jewel vikke 2005 – 2015 athara . Borumanam Colombo municipal councils gihin check karala oona ekek kaamora diyahalla kade noya….. sunaami horunta.

    • Siri says:

      තොටත් බම්බු ගහගෙන ඉන්න රටක් නැති වුන දාට තේරුම් යාවි …….එතකන් එක එක පොන්සේකලාට කඩේ පල….කාලකන්නියෝ

    • හාවා says:

      බම්බුව ම තමයි.

    • Mahesh says:

      Umbe paule palanayada?

    • sahan says:

      MAHABANKUWA HORAA KAALA. RATA WIKUNALA. PILIKAA ROOGEENTA BAALA BEHET
      DEELA MARAADAMANA.AAGAMAK DAHAMAK NODANNA.
      MUDALATA AMMAWATH WIKUNAN KANA.
      NARUMA GU.NP-JVP. WASLAINTA WADAA RAJAPAKSALAAGE PAALANAYA
      WASARA 100,K THIBUNATH HONDAY.

    • sahan says:

      MAHABANKUWA HORAA KAALA. RATA WIKUNALA. PILIKAA ROOGEENTA BAALA BEHET
      DEELA MARAADAMANA.AAGAMAK DAHAMAK NODANNA.
      MUDALATA AMMAWATH WIKUNAN KANA.
      NARUMA GU.NP-JVP. WASLAINTA WADAA RAJAPAKSALAAGE PAALANAYA
      WASARA 100,K THIBUNATH HONDAY.

  7. ගමරාළ says:

    ජනාධිපති වරයාගේ බලය අඩුකිරීමට 19 වන ව්‍යවස්තා සන්ශෝධනය ජනමත විචාරනයකින්ද අනුමත විය යුතුව තුබුනි. එහෙත් එසේ නොකල නිසා එය බල රහිතයි සහ තව දුරටත් කිසිදු වලන්ගුබාවයක් නැත. නීති පප්පල ඉන්නවනම් ඔප්පු කර පෙන්වන්න.

  8. Ashok says:

    With all the patriotic forces voting in block, GR only managed to poll 52%. Some here were saying he is going to pole 65%. There is no way SLPP and the alliance will get 2/3rds under the current parliamentary electoral system. If the SLPP and the alliance want the 2/3rds then they need to first change the electoral system before the next elections. I do not see that is happening at all. If not we will have to operate under the 19th amendments and therefore, it is vital Mahinda becomes the PM. After that make some efforts to bring a new constitution or amend it in a manner to remove the bad sections of the 19 the amendment and retain the good one it introduced to the country.

    • Chethiyasena says:

      Not quite so!
      In Gen Election a popular vote of 52%+ translates into a considerably higher parliamentary representation.
      Also it looks like parties like JVP would end up with almost zero in GE.

      This would leave Pohottu+ alliance within striking distance of 66%.
      A deal or two COULD secure it.

  9. Parakum says:

    To maintain TRANSPERANCY give 2/3 to Sajith. UNP can work with APOLITICAL prez and it is good for the country.

Main News