බැදුම්කර මගඩිය දකුණු ආසියා ඉතිහාසයේ දැවැන්තම හොරකම වෙයි..

November 1, 2016 at 10:00 am | lanka C news
බැදුම්කර මගඩිය දකුණු ආසියා ඉතිහාසයේ දැවැන්තම හොරකම වෙයි..

දකුණු ආසියානු ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ අති දැවැන්තම රාජ්‍ය මුදල් සොරකම වන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය බවත් එසේ මංකොල්ල කෑ මුදලින් අවුරුද්දක් පුරා රටටම කන්න දෙන්න හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොටි සංවිධානය විසින් මහ බැංකුවට එල්ල කල බෝම්බ ප‍්‍රහාරය මෙන් සිය ගුණයක පාඩුවක් මෙම බැදුම්කර ප‍්‍රහාරයෙන් සිදුව ඇතැයිද ඔහු ජන හමුවක් අමතමින් කියා සිටියේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙම මගඩියට වගකිව යුතු යයි පවසමින් ඊයේ දිනයේ ඒකාබද්ද විපක්‍ෂය විසින් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක්ද ගොනු කරනු ලැබ ඇත.

47 views