මුජිබර්ට නියෝජ්‍ය කතානායක පින පෑදේ..

April 19, 2018 at 4:40 pm | lanka C news
මුජිබර්ට නියෝජ්‍ය කතානායක පින පෑදේ..

පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කරන ලෙසට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් මගින් අද (19) උදෑසන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසි දෙනකුගේ අත්සනින් යුතු මෙම යෝජනාව අද (19) උදැසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් අරලිය ගහ මන්දිරයේදී භාරදී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු නියෝජ්‍ය කතානායක, තිලංග සුමතිපාල මහතා ඇතුළු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය පුරප්පාඩු විය.

මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත් කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයේ ද සහය මේ වන විට හිමිව තිබෙන බවත් ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහයද ලැබීමට නියමිත් බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා තිලංග සුමතිපාල මහතා සක්‍රීය ලෙස මැදිහත් වූ බවත් එය නියෝජ්‍ය කතානායක ධූරය දරන්නෙකුට සුදුසු නොවන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

නියෝජ්‍ය කතනනයක තිලංග සුමතිපාල මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර තිබෙන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

9 views

10 Comments to “මුජිබර්ට නියෝජ්‍ය කතානායක පින පෑදේ..”

  1. ලක්ෂාන් says:

    අන්ත ජාතිවාදියෙක් වන සිරිකොත ඉදිරිපිට උද්ගොෂනයකදී අපේ හාමුදුරුවරුන්ට පවා ගල් පහරදීමට පසුබට නොවූ ,අන්තවාදී ඉස්ලාම් සංවිදාන හා සම්බන්දයයි සැක කෙරෙන මේ අන්තවාදියා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක කිරීම හෙලා දකිමු

  2. Suresh Silva says:

    මුස්ලිම් ජාතිකයන්ට මේ රටේ පාලන බලය සඳහා අවස්ථාව ලබා දීමට අපේ ආණ්ඩුව එකඟ වීම අපිට සතුටක්. මුස්ලිම් පක්ෂ සමග ඇති කර ගත් ගිවිසුමට අනුව මුස්ලිම් ජනතාවට රටේ නියෝජ්‍ය කථා නායක ධූරය සහ උප අගමැති ධූරය (ඊලඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් පසුව) ලැබීමට නියමිතයි. තව දුරටත් මුස්ලිම් සහෝදරයෝ සුලු ජාතියක් නෙමෙයි. අපි හැමෝම එකමුතුයි දැන්.

  3. Asitha says:

    We also should appoint S M Marikkar as the Prime Minister and we all can live happily thereafter….

  4. YAMA DUTHA says:

    Muuth amu boro karayake, thankola kana harakta hodai

  5. lanka saman says:

    ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම ජාතිවාදී අවලමා මූ තමා.මුට වඩා හකීම් පවා හොඳයි.

    • කනිෂක මහාසේන says:

      මේ වහාබි කුලේ අන්තවදියාට උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය නොදෙනු

  6. Lawlord says:

    Look at this person closely and just think for a moment whether this kind of person is suitable for that post. The most extremist, religiously franatic, fundamentalist and harbouring unlimite hatred towards Sinhalese Buddhists, driven by murderous arabic and islamic overseas killer groups, elevating to be speaker/ deputy speaker means end of remaining ounce of parliamentary democracy in Sri Lanka

  7. Anti muslim says:

    Api viruddaaaaaaai

  8. sarath says:

    There is noting wrong for the Deputy speaker to vote against the govt. He is yet another MP and take part in debates. If he shall be independent then he cannot toe with the Govt line too. He has not violated and thing wrong compared to the allegations against PM.

  9. Karu says:

    කටේ හැටි දැක්කම වෙන වැඩකට හොඳ නැති වග පේනවා.

Main News