1967 පටන් ඉහලටම නැගගෙන නැගගෙන ගියාලූ.. මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවටත් පහලට බහිනවා…

June 1, 2018 at 6:48 pm | lanka C news
1967 පටන් ඉහලටම නැගගෙන නැගගෙන ගියාලූ.. මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවටත් පහලට බහිනවා…

ජනාධිපතිවරයා තවදුරටත් මේ හොරුන් ආරක්ෂා කළහොත් බින්දුවට නොවෙයි බින්දුවෙන් පහලටත් බහින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා පසුගියදා සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණයට ඇවිත් කියනවා එතුමා 1967 ඉදන් එතුමා ඉහලටම නැගගෙන ගිහින් දැන් එතුමා බැහැගෙන යනවා කියලා.එතුමාට ඇයි එහෙම උනේ කියල සොයා බලන්න ඕනේ,මේ රටේ ජනතාව එතුමාට බලය දුන්නේ මේ රට පාලනය කරන්න.මේ රට සංවර්ධනය කරන්න.

නමුත් එතුමා හොරුන්ට නිදහසේ හොරකම් කරන්න දීලා තියෙනවා,මෙහෙම ගියොත් එතුමාගේ ජනප්‍රියතාවය බැහැගෙන බැහැගෙන ගිහින් බින්දුවටම බහිනවා.තව ටිකක් ගියොත් බින්දුවටත් පහලින් යනවා.

මේ ජනාධිපති පත් කරන්න අපිත් විශාල සේවයක් කරා,ඒක අපි බය නැතුව කියනවා ඒ කාලේ රාජපක්ෂලාට විරුද්ධව අපිත් පෙළපාලි ගියා,අපි පාරට බැස්සා.ඒ නිසා අපිට එතුමා එක්ක සංවාද කරන්න අවශ්‍ය නැහැ.

අපි තාමත් ගරු කරනවා,නමුත් අපි එතුමාට කියනවා මේ රට මේ විදියට කනත්තට ඇදගෙන යන්න දෙන්න එපා කියලා.

මාධ්‍ය අංශය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

30 views

7 Comments to “1967 පටන් ඉහලටම නැගගෙන නැගගෙන ගියාලූ.. මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවටත් පහලට බහිනවා…”

  1. Malapuk says:

    Ayi ape janadhipathi maithree mey avurudu 3 ta kochchara sevayak karala thiyenada? Janadhipathi thaththa potha eli dak uye. E madida umbalata??

  2. Sanka says:

    Eyata 2015 indan naginne nehellu…..

    Oka thamai eda kiwwa widhiyata apita therune……..

  3. Ranjan says:

    All are seeing the political කනත්ත.

  4. john the baptice says:

    සම්බන්දන්ව විපක්ෂ නායකකමින් අස්කරදාන්න සිරිසේනට බැරි ඇයි ලැජ්ජයි

  5. තරුණ කාලේ මටත් එහෙම තමා....පුතේ says:

    තරුණ කාලේ මටත් එහෙම තමා….පුතේ…දැන්නම් දුම්මල ගැහුවත් එහෙම වෙන්නේ අමාරුවේ. පුතේ.

  6. Kadiya says:

    මහින්ද රාජපක්ෂ ජනධිපති තුමා මේ මිනිහට අගමැති තනතුර නොදීම කොතරම් සාධාරණද? මොලේ කොලොප්පන් මන්ද්බුධිකයෙක් රටේ ජනාධිපති වුණාම වෙන දේ තමයි අපේ රටට වෙලා තියෙන්නේ. මූට චන්දෙ දුන්න හරක් දැන් බලාගන්න ඕන ඔලුවේ අං මෝදුවේගන එනවද කියල. කොහේ හරි ඉඳන් පාත්වෙන හාල්පාරුවන්ට චන්දෙ දෙන්න කව්රුහරි කිව්වට තමන්ටත් අදාල පුද්ගලයා පිළිබඳව විචක්ෂනව බලන්න පුළුවන්. මොහුට තිබුන කොන්ත්‍රාත්තුව අගේට ඉදිරියට යමින් තිබුන රට සම්පුර්ණයෙන්ම කඩා බිඳ දැමීම. එකනම් හරියටම කලා.

  7. මන් සමුපකාරේ ගියේ නැග නැගගෙන එනකොට කියලා පත්තරේ තිබුනා. මන් දන්නෙම නෑ. දැන් බැහැලා. says:

    මන් සමුපකාරේ ගියේ නැග නැගගෙන එනකොට කියලා පත්තරේ තිබුනා. මන් දන්නෙම නෑ. දැන් බැහැලා