සෞඛ්‍ය අමාත්‍යංශයට වැරදීමක්..
November 3, 2016 at 2:04 am | lanka C news
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිකුත් කරන මාධ්‍ය නිෙවිදනයයි…
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව සකස් කරන්නේ දිවයිනේ සියලුම ආයතනවලින් ගෙන්වා ගන්නා වෛද්‍ය නිලධාරින්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීමෙනි. එලෙස සකස් කරන ලද ලේඛණයට අමතරව තොරතුරු ලැබී නොමැති නිලධාරින් පිරිසකගේ විස්තර අමාත්‍යාංශයේ තොරතුරු පද්ධතියේ තිබුනි.
ඒ අනුව දිවයිනේ සියළුම ආයතනවලින් ලැබුනු නිලධාරින්ගේ විස්තර වලට අමතරව එලෙස නොලැබුනු නිලධාරින්ගේ විස්තර දම් පැහැයෙන් ඇමණුමක් ලෙස අමාත්‍යාංශයේ වෙබි අඩවියේ පළ කරන ලද්දේ එම නිලධාරින්ට නිවැරදිතාව තහවුරු කර වඩාත් සම්පුර්ණ නිවැරදි ලේඛණයක් සකස් කර ගැනිම සදහාය. දැනට වෙබි අඩවියේ පළ කර ඇත්තේ අවසාන ලැයිස්තුව නොව, අතුරු ලැයිස්තුවකි. ෙමි සදහා වෛද්‍ය ආයතන ප්‍රධානීන්, වෛද්‍ය නිලධාරින් සහ වෘත්තීය සමිතිවලට ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. අතපසුවීමකින් අමාත්‍යාංශයේ පරිපාලන තනතුරු දරන නිලධාරින් කිහිපදෙනෙකුගේ නම් ද ඊට ඇතුලත් වී ඇත.එම කරුණ පාදක කර ගනිමින් ඇතැම් ජාතික පුවත්පත්වල පළ වූ සෞඛ්‍ය ක්ෂේත්රයේ පුටු පෙරළියක් යන පුවත නිවැරදි නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිෙවිදනය කර සිටි.
– නිපුන් ඒකනායක