ඉල්ලා අස්වීම ජනපති පිලි නොගනී.. තිලංග තවමත් නියෝජ්‍ය කතානායක..

May 10, 2018 at 8:40 am | lanka C news
ඉල්ලා අස්වීම ජනපති පිලි නොගනී.. තිලංග තවමත් නියෝජ්‍ය කතානායක..

තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්මවීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මේ වන තෙක් පිලිගෙන නැත.

මේ තත්වය මත නව නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කිරීම ගැටළුකාරි තත්වයකට පත්ව තිබේ.

කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්චා කර මේ ගැන තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කලේ ශ‍්‍රීලනිපයට අවශ්‍ය නම් දිගටම තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධුරයේ තබාගන්නා බවයි.

18 views
Main News