1990 සුවසැරියට වසර තුනයි… දෙලක්ෂ දාහත් දාහක් රෝහල් ගත කරයි…

July 27, 2019 at 5:30 pm | lanka C news
1990 සුවසැරියට වසර තුනයි… දෙලක්ෂ දාහත් දාහක් රෝහල් ගත කරයි…

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු නෙල්ෂාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ද සහභාගී වූ අතර යසිරුගේ තුන්වන උපන් දිනය මෙහිදී උත්කර්ශවත් අයුරින් සැමරීමද කැපී පෙනුණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ගතවූ වසර තුනක කාලය තුළදී සුවසැරිය මගින් පුද්ගලයින් දෙලක්ෂ දාහත් දාහක් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙන බවයි.

“මෙම ගණන සාමාන්‍ය අගයක් විදිහට බැලුවොත් මේ වසර 03 තුළ සෑම දිනයකම අපි පුද්ගලයින් 200 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. මෙම ප්‍රමාණය මේ වනවිට දිනකට 700 ක් දක්වා වැඩිවී තිබෙනවා. 1990 සුවසැරිය තමයි මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාව. ලංකාවේ කොහේ හිටියත් අපි රෝගියෙකු වෙත විනාඩි 12 කට අඩු කාලයකදී ඇවිල්ලා තිබෙනවා. මේ වේගය මාර්ග අපහසුතා අඩු නාගරික ප්‍රදේශවල මීටත් වඩා වැඩියි.“

“එදා මෙම සේවාව ආරම්භ කරන කොට අපි විශාල අභියෝග වලට මුහුණ දුන්නා. එම අභියෝග ජයගනිමින් අපි පැමිණි මාවත දෙස බලන විට මා අතිශය සතුටු වෙනවා. සුවසැරිය කියන්නේ පොදු මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සේවාවක්. එදා සල්ලි තිබෙන අයට පමණයි ගිලන් රථයකින් ගිහින් රෝහලකට ඇතුළත් වෙන්න පුළුවන් වුණේ. අද ලංකාවේ ඕනම කෙනෙකුට එම අවස්ථාව තිබෙනවා.“

සුවසැරිය කාර්ය මණ්ඩලයට ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ ස්තූතියක් පුද කළේය.

– ගයාන් චතුරංග

17 views

3 Comments to “1990 සුවසැරියට වසර තුනයි… දෙලක්ෂ දාහත් දාහක් රෝහල් ගත කරයි…”

  1. Sri lankan says:

    Indian wahana walata tax nogaha japan wahana walata tax wedipura gahanna karapu indian magadiyak..

  2. aniwa says:

    Have to admit, this is a very good initiative headed by Harsha. Hundreds and thousands of poor people got benefited and saved a lot of lives by this.

    • Me3 says:

      Whoever did a good deed we have to appreciate and admire it.
      This proves anybody can do good, provided he has the courage.

Main News