මිල වැඩි වෙන්න පෙර තෙල් ගහන්න දිග පෝලිම්.. කොළඹ දැඩි වාහන තදබදයක්..

May 10, 2018 at 4:40 pm | lanka C news
මිල වැඩි වෙන්න පෙර තෙල් ගහන්න දිග පෝලිම්.. කොළඹ දැඩි වාහන තදබදයක්..

කොළඹ නගරය සහ ඒ ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

ඉන්ධනහල් ආසන්නයේ ඇති ව තිබෙන දිගු වාහන පෝලිම් නිසා මෙම වාහන තදබදය ඇති වී තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඊට පෙර ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන හිමියන් උනන්දු වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බවද සඳහන්ය

මේ අතර ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන අවසන් වී ඇති බව සේවකයන් සඳහන් කරන නමුදු ඒවායේ තෙල් බෙදාහැරීම් කටයුතු නවතා මධ්‍යම රාත්‍රිය වන තෙක් බලා සිටින බවද රියදුරන් චෝදනා කරති.

48 views

3 Comments to “මිල වැඩි වෙන්න පෙර තෙල් ගහන්න දිග පෝලිම්.. කොළඹ දැඩි වාහන තදබදයක්..”

  1. Gayantha says:

    Anduwai palapurudda nomathi kama saha moda kama penwapu kadima awasthawak. aittatama mila waidi kara kiyana eka ada rai 10 ~ 11.30ta withara danum dunna nam kisima gaitaluwak wenne nai.

  2. lion says:

    රාවනා රජතුමා හිරුබලයෙන් රසදිය යොදා ගුවන් විමාන සැදුවා එසේනම් එම පරපුරෙන් එන අපිට බැරිද වාහනයක් තනන්න කල්පනා කර බලන්න

  3. Open mind says:

    කී දවසකට ද පිරිමහන්න හදන්නෙ.

Main News