2 වසරේ සිසුවෙකුට කොරෝනා…

January 30, 2021 at 5:30 pm | lanka C news
2 වසරේ සිසුවෙකුට කොරෝනා…

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 2 වසරේ අධයාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (30) දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

හැටන් ආරියගම ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි පාසල් සිසුවා ඉකුත් 13 දින පාසලට ගොස් ඇති බවත්, ඉන් අනතුරුව 16 දින පාසල් සිසුවාට උණ රෝග වැලදිම නිසා හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන නිවසේ රැදි සිටියදි උණ රෝගය  උත්සන්න විම නිසා එම සිසුවාගේ දෙමව්පියන් යලිත් පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය වෙත පැමිණ වෛද්‍යවරයාට පෙන්විමෙන් අනතුරුව එම වෛද්‍යවරයාගේ උපදෙස් මත රෝගි සිසුවා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවෙන් පසු එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවාගේ පළමු ආශ්‍රිතයන් හදුනාගෙන එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,963 views

4 Comments to “2 වසරේ සිසුවෙකුට කොරෝනා…”

  1. ක්‍රිමිනල් says:

    ඉස්කෝලෙ ගේට්ටුව ලගදි පැකනිල් පෙතක් බැගින් ලබා දුන්න නම් ඔහොම වෙන්න්නෙ නෑනේ.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    කොරෝනා එන්නත හදන්නේ ධනපතියන් ට අයිති කොම්පැණි වල. අපි එන්නත් ගන්නවා කියන්නේ ධනපතියන් තවත් ධනවත් වෙනවා කියන එකයි.

    ඒක වලක්වන්නයි අපි එන්නත් වෙනුවට කේරල ගව මුත්‍රා භාවිතා කල යුත්තේ.

  3. බූරු පුතාණෝ සජියා says:

    ජිල් පප්ප ලංකාවේ ඉස්කෝලයක්ම අරින්න කියල කිව්වෙ කොරෝනා වලින් මුළු රටම ස්වයංපෝෂිත කරන්නද දන්නෙ නෑ.

  4. my3 says:

    ගුරුවරුන්ට බෙහෙත විද්දාම ප්‍රස්නෙ ඉවරයි. ඩලස් කියන්නෙ. පින් පඩි කකා වසරක් ගෙදර ඉන්න කට්ටිය. ලමයිට වඩා අරස්සා කරන්න ඔනෙ,අපි හිතුවෙ පස්ල් වාහලා තිබ්බේ ලමයි ආරස්සාවට කියල. නැ හැ මෙ ගුරු අරස්සාවට, එකනෙ ලමයිට නතිව ගුරුන්ට කොරොන බෙහෙත දිලා රකින්න යන්නේ.

Main News