2/3 ගන්න සූත්තරේ SB කියයි..

February 2, 2020 at 6:28 am | lanka C news
2/3 ගන්න සූත්තරේ SB කියයි..

ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පරාජය වු නුවරඑලිය දිස්ත්‍රික්කය එලඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම්  සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදි ගිනිගත්හේන ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා සංවිධානය කර තිබු උත්සවය අමතමිණි.

මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අති විශාල ජන වරම අනුව එලඹෙන මහ මැතිවරණයේදි ආසන 127 ලැබෙන බවත්, එම මැතිවරණයේදි පරාජය වු නුවරඑලිය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරා රැගෙන යාම තුලින් මෙවර මහ මැතිවරණයේදි ආසන 150 කට වඩා ලබාගෙන 2/3 බලයක් ලබා ගත හැකි බවයි.

තමන් විසින් ආරම්භ කල සමෘද්ධිය එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහාතා විසින් විනාශ කල බවත්, තමන් විසින් ආරම්භ කල සමෘද්ධි යන්ත්‍රය සක්‍රිය ලෙස ක්‍රියාවට නැංවිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජයක් යටතේ කටයුතු කරන බවයි .

– හැටන් රංජිත් රාජපක්ෂ

18,342 Viewers

5 Comments to “2/3 ගන්න සූත්තරේ SB කියයි..”

  1. Lakith says:

    එන්න තියෙන චංදත් නැති කර ගන්න පොටක්. මේ නරි නාවන්න ගත්තොත් නම් තුනෙන් දෙක මාර සිහිනයක්.

    • පබුලිනා says:

      ඔව්. මෙයා කටවහං පැත්තකට වෙලා ඉන්නවනම් ලොකු උදව්වක්.

  2. සිංහල බන්ඩා says:

    ගෝඨාභය දිනුවෙ බොරැ සංහිඳියා කාරයින්ගෙ සැලැස්ම වලින් නෙවෙය්.ජාතිකවාදය ඉස්මතු කරලය්. සුදු නෙලුම් එස්බීත් දැන් ජාතිකවාදීයෙක් වෙලාද?

  3. RW says:

    එස් බී කියන්නෙ දැන් ගෙදර යා යුතු පුද්ගලයෙක් . එයා ගෙ සූත්තර පිලිපැද්දොත් ඉතින් ඇන ගන්න තමයි වෙන්නෙ .

  4. සයිබර් නානා says:

    පල පල ඩෝ යන්න

Main News