2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

April 5, 2021 at 3:20 am | lanka C news
2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති.

‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය දුන්න ඇතිවෙන්න. ආයෙමත් දෙන්න දෙයක් නෑ. තුනෙන් දෙකක් ආයි ගන්න තියා හිතන්නවත් බෑ’ යයි ද උන් වහන්සේ කීහ.

අධ්‍යාපන අමාත්‍,ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය පිරිස් මහතා විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

‘දැං බලනකොට කිසි දෙයක් කරල නෑනේ. මිනිස්සුන්ගෙ අපිත් බැණුම් අහනවනේ’ යයිද උන් වහන්සේ තව දුරටත් පැවසූහ.

42,388 views

12 Comments to “2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..”

  1. සාධාරණ මිනිසා says:

    උන්නාන්සෙට දැන් සැප ද

  2. Jagath says:

    උන්ට කොහෙද ලැජ්ජාවක්??? බල තන්හාව විතරයි අපේ හාන්දුරුවනේ

  3. tdsolo says:

    ජී.එල් නිකන් ඉන්නේ ඌ ආණ්ඩුවේ නෑ වගේ නේ……………..

    • Truth says:

      ගොඩක් එවුන් දැන් එහෙම තමයි.

    • rayigama says:

      මු තමයි පළාත් සභා තියන්න දඟලන එකා. රනිලා TNA එකත් එකතුකරගන තමයි පළාත් සභා නැවත තියන්නම බැරිවන උගුල එට්ටේව්වේ “ඔවුන් එහෙම කලේ නොයෙක් උප්පරවැට්ටි භාවිතා කරලා ඔවුන් මැතිවරණ කල් දැම්මා ඒකට උදව් කලේ TNA එක” ජී එල් ගේ කතාවෙනම එක ඔප්පුවෙන්වා. එහෙම අයින්කරපු පළාත්සභා වෙනුවට රනිල් ප්‍රාදේශීය සභා ශක්තිමත් කළා. හැම ගමකටම එකේ සහභාගිත්වය ලබා දුන්නා. ප්‍රාදේශීය සැබෑ කවදාවත් ඉඩම් පොලිස් බලතල ඉල්ලනේ නෑ. ඔවුන් තම ගමේ සංවර්ධනයට වග කියන්න ඕනේ. නැත්තං ගමේ මිනිස්සු ඊළඟ පර චන්දෙ දෙන්නේ නෑ. දුර දක්නා නුවනක් ඇතිව කල සියල්ල අද පවතින සිංහල චන්දයෙන් පැමිණ රජය උඩු යටිකුරු කරයි. මුන් පළාත්සභා පිහිටවූ ඉන්දියාවට වඩා භයානකය. තම දරුවන්ට හොරකම ඉගැන්වීමට හොරුන්ට රජවීමට පළාත්සභා සුදු අලියා රැගෙන රටම වනසයි.

  4. Theeraka says:

    It is no point telling all this to this old thing whose expiry date has long passed. Tell someone who has some sense of feeling.

  5. Sahann says:

    Thibbate wadiya hide nadde Arun hitiyanam Corona hinda melahate API balagayak hills are deaths Parry’s dengue control kerepu hati amethekede

  6. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මීට පස්සෙ වත් මොළේ නැති බයියො වගේ නොවී බුදුන් සරණ යන්ට අපේ හාමුදුරුවනේ රජුන් සරණ ගියාම ඔහොම තමා

  7. Love nature says:

    මුල්වී රටේ හැමදේටම මග පෙන්වූ
    වරදින් මුදන අදහස හදවත මුල්වූ
    සැම දන වෙතම කරුනා ගුනයම පෙන්වූ
    රත්නය සන්ග වේ අප හදවත එකවූ.

  8. Maha sinhale says:

    නිදහස් සටනට උරදුන් මහ සඟ පරපුර …

    බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දිවයිනේ මත්පැන් පානය පැතිර යාම නිසා සමාජ
    ගැටලූවක් නිර්මාණය වෙමින් තිබුණි. මේ නිසා බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ
    මත්පැන් පානයට එරෙහිව ජනතාව දැනුම්වත් කළහ. බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙහි
    දී ද කැපී පෙනෙන සේවයක් සිදු කළ අතර අනගාරික ධර්මපාලතුමා පියදාස සිරිසේන
    මහතා සහ ජෝන් දසිල්වා මහතා වැනි අය විවිධ මාධ්‍ය මගින් ජනතාව දැනුම්වත් කිරීමට
    ඉදිරිපත් වූහ. ධර්මපාල තුමා ප‍්‍රසිද්ධ දේශන හා පුවත්පත් මාර්ගයෙන් මෙම කටයුතුවල
    නිරත විය. පියදාස සිරිසේන මහතා තම නවකතාවල විවිධ චරිත සංවාදයට ලක් කොට
    මත්පැන් පානයේ අනිසි විපාක පැහැදිලි කළේ ය. ජෝන් ද සිල්වා මහතා තම නාට්‍ය
    මගින් මත්පැන් පානයෙන් සිදු වන විපත පැහැදිලි කළේ ය.

  9. Love nature says:

    1815 මාර්තු 2 දා තමයි උඩරට ගිවිසුම අත්සන් කළේ. මෙදින ගිවිසුම අත්සන් කරන්න ප්‍රතම ඉංග්‍රීසි සෙනෙවියෙක් ඉංග්‍රීසි කොඩි එසෙව්වා. මේ වෙලාවේ දළදා මැදුරේ සිටි සුමංගල හාමුදුරුවෝ කොඩිය එසවූ තැනට වැඩම කර අර ඉංග්‍රීසි කොඩිය පහත දැම්මා.
    “තොපට තොපේ කොඩිය දැන් ම කෙසේවත් මේ කන්ද උඩරට ඔසවන්නට නීතියෙන් ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවුද? මේ සිංහලේ රට තවමත් මේ රට තොපට භාර දෙන්නට බැහැ. වේලාව පැමිණෙන තුරු, ඉවසන්නට තරම් ආත්ම විශ්වාසයක් සුදු ජාතීන්ට නැත්ද?” කියලා නාහිමියෝ එදා අභීතව සිංහනාද කළා.
    මේ අවස්ථාවේ කෝපයට පත් ඉංගී‍්‍රසි සෙනවියෙක් වහාම කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොල මාහිමියන්ට හෙළන්නට සූදානම්වුණා, ඒ වන විටත් කාර්යය සංවිධානයෙහි යෙදෙමින් සිටි ඩොයිලි වහා එතනට පැමිණ කඩු පහර වළක්වා ගත්තා. ස්වකීය නියමය වරදවා ගැනීමෙන් සුදු සෙනවියා විසින් කරන ලද වරද පිළිබඳව සමාව දෙන ලෙස වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියා.

  10. Sirisena Yatawara says:

    The monks of Gatamaba denomination of that Buddhist cleagery are in far from political conditions at ground reality and its development in an Island-wide.
    Speeches are baseless that political will save for reactionary forces of right wing foreign power and their local agents of SJB, UNP, TNA. JVP and Muslim terrorist . ???

Main News