2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න..

June 30, 2021 at 12:00 pm | lanka C news
2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න..

ආර්ථිකය ගොඩදැමීමට නම් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පැමිණිය යුතු යැයි පවසන පුද්ගලයන් නොකියා කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ෆේල් බව යයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට කැඳවා ඔහුට ද බැරිනම් ලේලිලා පිරිස හෝ කැදවාගෙන රට ගොඩ දමන ලෙස ඉල්ලා සිටින බවයි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මියත්, ලේලියන් පිරිසත් පාර්ලිමේන්තු කැදවා ඇමැතිකම් දී රට හදන්නයි ජනාධිපති ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මුලින්ම 2/3 නැතිව බෑ කියු බවත්, පසුව 20 නැතිව බෑ කියූ බවත් දැන් බැසිල් නැතිව බෑ කියන බවත් පැවසූ ඔහු ඉදිරියේදී තවත් හේතුවක් හදාගෙන බෑ කියනු ඇතැයිද පැවසීය.

31,537 views

20 Comments to “2/3 නැතිව බෑ.. 20 නැතිව බෑ.. දැන් බැසිල් නැතිව බෑ.. ඒත් බැරිනම් ශිරන්ති නෝනටයි ලේලිලාටයි ඇමතිකම් දීලා බලන්න..”

  1. Kalana says:

    සිරා කියමන. ඇත්තටම ඉබ්‍රහිම් ලාගෙන් සල්ලි නොගෙන, හාමු එක්ක නිදා නොගත්තානම් අද බලය වැඩි වෙනවා.

  2. Hitan says:

    Unprofessional talks (only)
    Learn to talk from GR

  3. 3% දෙනවා ගේම අහෝ ලාංකික ලොම්බො තොපිට තේරෙයි සමලිංගික යන්ට රට ගියානම්. එහෙනම් තොපේ මිනිය තොපිලගේ ගේ ඉස්සරහම තමයි පුච්චගන්න වෙන්නේ. තොපිල දන්නේ නැහැ 88/89 මිනි ගෙනියන්න මුං අවසර දුන්නේ දනිහිසෙන් පහලට. රැවටිලා නාගනිල්ලා මුන්ට

    • කපිල සුරංජිත් says:

      සමලින්ගිකයන් කියා මහා සන්ගරත්නයට අපහාස නොකරනු.

  4. සනත් ඉතාලිය says:

    මුගෙන් අහපු සිරාම කතාව. ඒකටනම් ✋ දාන්නම වෙනව

  5. APerera says:

    I think it’s high time to change the Constitution to say that the surname should be “Rajapaksha” to become the President, PM or any other Minister. We all will end up with flying colours, and this country will be the paradise (for Chinese…??).

    Good Luck Mother Sri Lanka….

  6. අල්ලා says:

    කයිය නම් වෙලාවකට හොඳයි තව වෙලාවකට නන්නත්තාරයි…..! ජවිපෙ අලුගොසුවන්ගේ…