20ට ඡන්දෙ දෙන්න නම් ඇමතිකම් ඉල්ලා හෙට්ටු කරයි..

September 4, 2020 at 10:16 pm | lanka C news
20ට ඡන්දෙ දෙන්න නම් ඇමතිකම් ඉල්ලා හෙට්ටු කරයි..

පාර්ලිමේන්තුවට තුළ ඉදිරිපත් කිරීමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත උපයෝගී කරගෙන ඇමති ධුරයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ කිහිප දෙනෙකු සූදානමක් ඇති බව වාර්තා වෙි.

තමන්ට ඇමති ධූරයක් අහිමි වීම නිසා ඇති වී තිබෙන අපහසුතාවයන් ගැන මේ දිනවල වැඩි වශයෙන් ඔවුන් විසින් ආණ්ඩුවේ නායකයන් වෙත අගවමින් ඇතැයිද සදහන්ය.

20 වන සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකක බලය පාර්ලිමේන්තුවේ අවශ්‍ය නිසා ඒ හරහා තම ඡන්දයේ වටිනාකම පෙන්වමින් ඇමතිධුර ලබා ගැනීමේ උපක්‍රමයක ඔවුන් යෙදෙන්නේ යයිද ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

තමන් බලාපොරොත්තු වූ තරම් සරුසාර ඇමති ධුර නොලද පිරිසක්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද සදහන්ය.

39,142 views

23 Comments to “20ට ඡන්දෙ දෙන්න නම් ඇමතිකම් ඉල්ලා හෙට්ටු කරයි..”

  1. Shiral says:

    Amathikama ganna sudusukama adugane degree level wath karanna. Ethakota oya karadaren nidahas

  2. Love nature says:

    ඔන්න එකෝමත් එක කාලේක කපටි නරියෙක් ලොකු කැලැවක ජීවත් උනා. එක දවසක මේ නරියා කැලේ මැදින් ගමන් කරමින් හිටියා. මෙහෙම යනකොට ඌ දැක්කා මිදි වැලක් බොහොම සරුවට හැදිලා තියෙනවා. ඒ මිදි වැලේ ගෙඩිත් ගොඩාක් හැදිලා හොඳට ඉදිලා තියෙනවා දැක්කා.මේක දැක්ක ගමන් නරියාගේ කටට කෙල උනන්න ගත්තා.

    “මේ වැලේ තියෙන ගෙඩි ඔක්කොම කඩාගෙන කන්න ඕනැ. මේව හරිම රස ඇති”

    මෙහෙම හිතුන නරියා බැලුවා ගෙඩියක් කඩා ගන්න. ඒත් අවාසනාවකට වගේ මේ ගෙඩි ඔක්කොම තිබුනේ අතින් කඩා ගන්න පුලුවන් තරම් පහතකින් නම් නෙමෙයි. ඉතින් නරියා කල්පනා කලා කොහොමද මේ ගෙඩි කඩාගන්නේ කියලා. උඩ පැනලා බැලුවොත් හරි නේද කියලා හිතුන නරියා එහෙම උත්සාහ කලා. දැන් නරියා උඩ පනිනවා පනිනවා. ඒත් අනේ එක ගෙඩියක්වත් කඩා ගන්න බැරි උනා.

    දැන් නරියට හරිම මහන්සියි. මිදි ගෙඩියක්වත් කඩා ගන්නත් බැරි උනා. ලැජ්ජාවෙත් බැනේ. ඉතින් නරියා මෙහෙම හිතුව.

    “”මේ වැලේ මිදි හරිම තිත්තයි”

    මෙහෙම හිතුව නරියා යන්න ගියාලු.

Main News