20ට මා පත් කල කමිටුවේ නිර්දේශ කාරක සභා අවස්ථාවේ ගෙන එනවා..- අගමැති

September 20, 2020 at 5:30 pm | lanka C news
20ට මා පත් කල කමිටුවේ නිර්දේශ කාරක සභා අවස්ථාවේ ගෙන එනවා..- අගමැති

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පෙර කාරක සභා අවස්ථාවේදී ඕනෑම අයෙකුට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවද ඔහු පවසයි.

මෙම සංශෝධනය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙර ඉදිරිපත් කරන අතුරු සංශෝධනයක් බවත් ඉදිරියේ දී නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් පුළුල් සාකච්ඡාවකින් පසු අනිවාර්යයෙන් ම ගෙන එන බවත් ඔහු සඳහන් කළේය.

තම රජයේ අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දීමට පුරවැසියන්ට පුළුල් ලෙස අවස්ථාව ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

17,569 views

9 Comments to “20ට මා පත් කල කමිටුවේ නිර්දේශ කාරක සභා අවස්ථාවේ ගෙන එනවා..- අගමැති”

  1. nuwan says:

    හරි මහත්තයෝ….19යෙන් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න ජනමතවිචාරණයක් එදා නොතිබ්බට අද පාර්ලිමේන්තුව ඒ ජනවරම 19යට හදා දීල තියෙන නිසා 20න් කරන 70 ව්‍යවස්ථා සංශෝධනයට ජනමතවිචාරණයක් තියන්නකො හොදේ…

  2. Modaya says:

    First of all. Let us know the changes recommended by your committee.

  3. සයිමා says:

    19 ගේනකොටත් මොකක්ද මන්දා කාරකසභා අවස්තාවේ මොනාද උනා කියනවනේ. මේක ඒක අනිත් පැත්ත වෙන්නෙ. මොන හදිස්සියක්ද තව දවස් 3ක් විතර කැබිනට් එකේ කතා වෙලා හරිම එකක් ගැසට් කරල දැම්මනම්..

  4. S.Vitharana says:

    අනේ ද කියන්නේ අගමැති තුමනි,

  5. මැදමුලනෙ මුත්තා says:

    අනේ මන්ද කොළුවො. ගෝඨා එකක් කියනවා, මහින්ද එකක් කියනවා. වීරවංශ තවඑකක් කියනවා. 1994 දි පමණ විධායක ජජනාධිපතිධූරය රටට විනයක් කියල දේශනා පවත්වපු ජී.එල්.පීරිස් පප්ප දැන් ඒක හොඳයි කියනවා. මැදගොඩ උන්නාන්සෙට ලැජ්ජයි කියනවා. මුරැත්තෙටිටුවෙි සහ ඇල්ලේ ගුණවංශ උන්නාන්සේලා 20 ට කැමති නෑ කියනවා.
    මෙහෙම ගියොත් තියෙන තුනෙන් දෙකක් ගැලවිල යයි වගේ.

  6. Aurora says:

    ජනාධිපති තුමාගෙන් ආරක්ෂාව, සoවර්ධනය, යටිතල පහසුකම්, පාතාල මර්ධනය, විනය ආදි ද්හසක් දෙවල් බලාපොරොත්තු වෙනවනම් නියම බලතලත් දෙන්න ඕන.

  7. MR says:

    ඔය සේරම දුන්න ම මම නිකන් අර දිමු වගෙ නත්නම් රත්නසිරි වගෙ නිකන් ඉන්න එපයි. එහෙම කොහොමද කරන්නෙ.

  8. Billa says:

    මැතිවරණ ක්‍රමය වෙනස්කරනකොට පක්ෂයට චන්දෙ දෙන්නත් අපේක්ෂකයෝ හොඳ නැතිනම් ඒ අකැමැත්ත ප්‍රකාශ කරන්න අව්ස්ඨාවක් ඇතිකරන්න.

  9. Dilan says:

    තවත් එක්තරා කොලේ වහලා ගැහිල්ලක්‌ අත ලඟයි… හ හා හා