20ට විශාල ජනතා විරෝධයක් තියෙනවා.. එය පරාජය කරන්න දිවි හිමියෙන් කැපවෙනවා..- කරු මාධ්‍ය හමුවක

September 11, 2020 at 2:10 pm | lanka C news
20ට විශාල ජනතා විරෝධයක් තියෙනවා.. එය පරාජය කරන්න දිවි හිමියෙන් කැපවෙනවා..- කරු මාධ්‍ය හමුවක

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ලවී ඇතැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

එවන් අවස්ථාවක එය ගෙන ඒමට මෙතරම් හදිසි වන්නේ ඇයි දැයි විමසන බව ඒ මහතා ප‍්‍රශ්ණ කළේය.

ඔහු මේ බව කියා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

කරු ජයසූරිය මහතා එම සංවිධානයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කිරීමෙන් පසු මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින අයෙකු ලෙස තමනට ඇස් කන් නාසා වසාගෙන සිටිය නොහැකි බවත් තම අදහස් සද්භාවයෙන් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යවස්ථා සංශෝධය රටට අහිතකර බැවින් එය පරාජය කිරීමට සියලු දෙනා ඉදිරිපත් විය යුතු යැයි ද ඔහු තව දුරටත් පැවසීය.

12,975 views

22 Comments to “20ට විශාල ජනතා විරෝධයක් තියෙනවා.. එය පරාජය කරන්න දිවි හිමියෙන් කැපවෙනවා..- කරු මාධ්‍ය හමුවක”

  1. prasa says:

    who cares this fellow

  2. බන්ඩා says:

    මූ මොන වර්ගයේ දේසපාලුවෙක්ද? 20ට ජනතාව කැමතිය්. 19 ටය් ජනතා විරෝධය තියෙන්නෙ. 20 ට ඇතුල් කල යුතු සහ නැති දේ ගැන සංවාදයක් තියනවා.

  3. සිරා හිටං says:

    හා පුලුවන් නම් විමල්ලා 2015 තිබ්බ මහින්ද සුලඟ වගේ ආන්ඩු විරෝධී ජනතා එක් කිරීමක් නුගේගොඩ තියපල්ලා බලන්න

  4. සිරිසේන says:

    19 න් කලේ එන්ජීඕ කාරයොය් කොටිය් චන්ද දිනන්න බැරි යූඑන්පීයය් එකතු වෙලා සිංහලය යටපත් කරල රට බෙලහීන කරල පාලනය කරපු එකය්.

  5. Kandy Gentlemen says:

    එහෙම විශාල විරෝධයක් කොහෙද තියෙන්නේ. මහජනයා වන අපිට නමි 20 කිසිම ගැටලුවක් නැ. මේ වගේ පරගැති අදහස් තියන නාකි හමිපඩයො ඉන්නකං මේ රට ගොඩනගනු බොරැ.

  6. Saradiel says:

    මේ යකා තවමත් දවල් හින දකිනවා මහලු කාලේ පිනක් දහමක් කරගන්නේ නැතුව

  7. පැකනිලාගෙ අප්පා says:

    දිවි හිමියෙන් කිව්වට ඔට්ටුයි බැරුවට බූමිතෙල් වක්කරගෙන ගිනි තියාගන්න

  8. පොල් බූරුවා says:

    19 ගේන්න චන්දෙ ගන්න රෑ හත අට වෙනකං පාර්ලිමෙින්තුව අැරගෙන හිටියෙ එ්ක තොගෙ අමිමගෙ අප්පගෙ බූදලේද. පසුගිය අවුරැදු 41/2 ට රටට කරපු හරිය හොදටම අැති. නහින දෙහින කාලෙ පැත්තකට වෙලා පිනක් දහමක් කරගෙන හිටපන් කාලකන්නිය. අර කෙල්ලට පිලිකාවක් හැදිල මැරැනෙත් තෝ කරපු රටට දෙුා්හී කාලකන්නි වැඩ වලට මිනිස්සු කරපු සාපෙ වැදිල.

  9. දුටුගැමුණු says:

    මේ නාකි හම්පඩයාට පිස්සු .

Main News