20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්දයි.. ආණ්ඩුවට මුල් අවුරුදු 05ක් දුවන්න බෑ..

October 21, 2020 at 10:32 pm | lanka C news
20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්දයි.. ආණ්ඩුවට මුල් අවුරුදු 05ක් දුවන්න බෑ..

විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය විරුද්ධ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප බොහෝ දෙනෙකු ඊට සහය නොදී සිටිනු ඇති බවත් කිහිප දෙනෙකු සහය දෙනු ඇති පැවසූ ඔහු පක්ෂය ඊට බලපෑම් නොකරන බවත් පැවසීය.

ජනතාව ඉල්ලුවේ විසිවන සංශෝධනය නොව අලූත් ව්‍යවස්ථාවක් බවත් විසිවන සංශෝධනය මේ රටට අවශ්‍ය දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආණ්ඩුවට මුල් අවුරුදු පහවත් යාගන්න බැරි බවද පවසන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමකට යමක් බරපතළ වරදක් යැයි ද කියා සිටියි.

මේ ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා නිසා බවත් ඔවුන් ඉවත් වුවහොත් ආණ්ඩුව බිඳ වැටෙන බවද තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පලකලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

60,828 views

19 Comments to “20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්දයි.. ආණ්ඩුවට මුල් අවුරුදු 05ක් දුවන්න බෑ..”

  1. sajitha says:

    moda mahachariyo, kata wahaganin ban. anna nimal siripala kiwwa kisi prasnayak nae, slfp eke 20 ta chande denawa kiyala. me mahacharila desapalaneta aevilla mari mol vihiluma ne karanne.

  2. sunny says:

    Angree because he did not get a chance to come to the parliament from national list

  3. සමන් says:

    උබලට ඔය 14 ලැබුනෙත් පොහොට්ටුව නිසා කියල මතක නැද්ද?

    • ක්‍රිමිනල් says:

      මේ නාකියාට ලිස්ට් එකෙන් පිනට එන්න දුන්නේ නෑ කියලා නාහෙන් අඬන්නේ.. මුන් තනියම ඉල්ලුවා නම් UNP එකටත් පහලින් නතර වෙන්නේ..

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනාධිපතිට 78 තිබුනු බලය ලබාදිය යුතුයි. නමුත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමෙින්තු යාමට හෝ රජයේ තනතුරැ දැරීමට ඉඩ නොදිය යුතුයි.

  5. Aurora says:

    මූ මහාචාර්ය නොවේ ගොනාචාර්‍ය්. 20 සම්මත වුනත් නැතත් ආන්ඩුව වැටෙන්න 113 පහලට යන්න ඕන. ඒක වෙන්න ඇති හැකියාව ඉතාම අඩුයි. ද්විත්ව පුරවැසියකු වන බැසිල් පාර්ලිමේන්තු එන එක නොවේ ප්‍රශ්නෙ. කොටි ඩයස්පෝරා එකේ උන් ඒ පාරෙම පර්ලිමේන්තු එන එකයි. ඒ සන්දහා 6 වන සන්ශොදනය අනුව අවශ්‍ය වෙනස්වෙනකම් කරලා පියවර ගන්න ඕන.

  6. PULATHISI says:

    ක.රෝ.ල. පියා කැම්පස් ඉන්න කාලෙ ඉඳලම ඔහොම තමයි.පිස්සුමයි කෙලින්නෙ. ජාතික ලැයිස්තුවෙන් දැක්කුවා නම් ඔය අඩු පාඩු කිසිවක් ඔය හාදයට පේන්නේ නැහැ. කොහොමටත් තවම ඉන්නේ 16 වන ශත වර්‍ෂයේ.

Main News