20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්දයි.. ආණ්ඩුවට මුල් අවුරුදු 05ක් දුවන්න බෑ..

October 21, 2020 at 10:32 pm | lanka C news
20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්දයි.. ආණ්ඩුවට මුල් අවුරුදු 05ක් දුවන්න බෑ..

විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය විරුද්ධ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප බොහෝ දෙනෙකු ඊට සහය නොදී සිටිනු ඇති බවත් කිහිප දෙනෙකු සහය දෙනු ඇති පැවසූ ඔහු පක්ෂය ඊට බලපෑම් නොකරන බවත් පැවසීය.

ජනතාව ඉල්ලුවේ විසිවන සංශෝධනය නොව අලූත් ව්‍යවස්ථාවක් බවත් විසිවන සංශෝධනය මේ රටට අවශ්‍ය දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ ආණ්ඩුවට මුල් අවුරුදු පහවත් යාගන්න බැරි බවද පවසන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමකට යමක් බරපතළ වරදක් යැයි ද කියා සිටියි.

මේ ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා නිසා බවත් ඔවුන් ඉවත් වුවහොත් ආණ්ඩුව බිඳ වැටෙන බවද තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පලකලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

61,499 views

19 Comments to “20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්දයි.. ආණ්ඩුවට මුල් අවුරුදු 05ක් දුවන්න බෑ..”

  1. sri says:

    Pissek

    • kamal says:

      මහාචාර්යනේ කොහොමත් පිස්සු, බහුතරය සහ 2/3 දන්නේ නැති අදබලයෙක් , හිටන්ටම හරියන ගොඉයෙක්

  2. Dubba says:

    ආණ්ඩුව ගෙනියන්න තුනෙන් දෙකක් ඕන නැහැ බුරුචාර්ය !

    බහුතරය කියන්නේ භාගයයි තව එකයි!

    දෙක පටලව ගෙන කතා කරන්නේ.

  3. Ranga says:

    20 ට විරුද්ධවන සියලුම ශ්‍රී ල නි ප අපතයන් පන්නා දමා ඒ වෙනුවට මුස්ලිම් මන්ත්‍රී වරුන් ගෙන 20 සම්මත කල යුතුයි .ප්‍රසන්න කියපු දේ හරි කියල දැනුයි තේරෙන්නේ .අපරාදෙ අපි ප්‍රසන්නට බැන්නේ කියල දැන් හිතෙනවා .

  4. FoolishLankan says:

    These guys are followers of chandrika???

  5. Land Of PNs says:

    වඩින්න පොම්පියෝ මැතිදුනේ !!
    ඔබ පොම්පියෝ මුන් පිම්පියෝ
    කොරෝනාා මල් පොකුරු වී, 20 පාවඩයක් වී MCC මග සරසා ඔබ පිලිගන්න සියල්ල සූදානම්..!

  6. Modaya says:

    Political instability will be a major issue

  7. Puncha says:

    145. N 15 adu kalama mahaaduruta anuwa 111. Welawata pariliment awe neththe.

  8. On The Spot says:

    මෙහෙම කියන්නෙ චමුදිතත් එක්කනෙ.රෝහණ ලක්‍ෂමන් පියදාස පාර්ලිමේන්තුවෙත් නැහැනෙ.අනික මේ දෙන්නටම විස්ස විවාදෙදි චන්දෙ දෙන්නත් බැහැනෙ.මේ ගැන අපි විවාද කිරීමෙන් පලකුත් නැහැනෙ,කාලය නාස්ති කිරීමක් පමණයි.

  9. On The Spot says:

    මෙහෙම කියන්නෙ චමුදිතත් එක්කනෙ.රෝහණ ලක්‍ෂමන් පියදාස පාර්ලිමේන්තුවෙත් නැහැනෙ.අනික මේ දෙන්නටම විස්ස විවාදෙදි චන්දෙ දෙන්නත් බැහැනෙ.මේ ගැන අපි විවාද කිරීමෙන් පලකුත් නැහැනෙ,කාලය නාස්ති කිරීමක් පමණයි.

  10. දේශමාන්‍ය says:

    මෙයාට ජාතික ලැයිස්තු මන්ත්රී කම නොදුන්නා නිසා කියන කතා .

    • ක්‍රිමිනල් says:

      මමියක් වගේ ඉන්න මේ හම්පඩ නාකියාට ලිස්ට් එකෙන් පිනට එන්න දුන්නේ නෑ කියලා නාහෙන් අඬන්නේ.. මුන් තනියම ඉල්ලුවා නම් UNP එකටත් පහලින් නතර වෙන්නේ.. එහෙම වුනා නම් මුන් පාර්ලිමේන්තුවෙන් වඳ වී ගිය සත්ව විශේසයක් වෙනවා..

Main News