20ට සංශෝධනයට කමිටුව පත් කලේ අගමැතියි.. නිගමන කලේ ඔහු සමගයි.. 20ට සංශෝධන ගේනවා..- 20 විමල් තව අවුලයි…

September 24, 2020 at 10:02 pm | lanka C news
20ට සංශෝධනයට කමිටුව පත් කලේ අගමැතියි.. නිගමන කලේ ඔහු සමගයි.. 20ට සංශෝධන ගේනවා..- 20 විමල් තව අවුලයි…

20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශයන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව ඔහුගේම ප්‍රධානත්වයෙන් රැස්වී ඔහු ඉදිරියේදීම අවසාන නිගමනයට පැමිණි බවද වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව අවසානයේ දී කමිටුව එකඟ වූ නිගමනයන්ට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී වීරවංශ මහතා මෙම අදහස් පල කරන ලදී.

🔺 20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…

🔺 20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…📌 Read More: https://bit.ly/3cw6dyv#lka #News1st #WimalWeerawansa #ULC

Gepostet von Newsfirst.lk am Donnerstag, 24. September 2020

44,417 views

20 Comments to “20ට සංශෝධනයට කමිටුව පත් කලේ අගමැතියි.. නිගමන කලේ ඔහු සමගයි.. 20ට සංශෝධන ගේනවා..- 20 විමල් තව අවුලයි…”

  1. Samsn says:

    Gotabhaya or Viyathmaga people do not care MR
    . They will make MR useless

    • Janaka says:

      19වන සංශෝධනයේ ඇති විශාලම අඩුපාඩුව ජනාධිපති බලතල අගමැතිට යෑම .මෙය රාජ්‍ය පාලනයට විශාල බාදාවක්. මෙයින් සිදුවන්නේ සෑම කටයුත්තකදීම අගමැති ජනපතිගේ කකුලෙන් ඇදීමයි .මේ රටේ සියලුම ජනතාවගේ ඒකායන පැතුම ජනපතිට පූර්ණ බලතල ලබාදී බාදාවකින් තොරව රට සව්භාග්‍ය කරා ගෙන යෑමයි.

    • Suranimala says:

      ගෝඨාබය මාකට් කරල මනාප ගත්තු විමල් ඔය බයිල මැතිවරණයට කලින් කීවනම් විමල්ට පාර්ලිමේන්තු එන්ඩ ලැබෙන්නේ නෑ .මිනිස්සු චන්දේ දුන්නේ ගෝටාබයට රට හදන්ඩ මිසක් තක්කඩි දේශපාලුවන්ට පිස්සු කෙලින්ඩ නෙමේ .

      • ලක්වැසියා says:

        විමල්ල, ගම්මන්පිලල වගේ අය විරුද්ධ වෙන්නෙ ජනාධිපතිට බලතල ලැබෙනවට නෙමෙයි. ජනාධිපතිතුමාට නාම යෝජනා අරන් දීල බලයට ගෙන්නන්නත් ඒ ගොල්ලො ගොඩක් මහන්සි උනා. ඒගොලන්ගෙ විරෝධය තියෙන්නෙ 20 ඇතුලෙ තියෙන, රාජ්‍ය ආයතන විඝණනයට සීමා පැනවීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමෙන්තුවට පැමිණීමට ඉඩදීම, රටේ ඒකීයබාවය වෙනුවෙන් තිබූ දිවුරීම ඉවත් කිරීම වගේ වෙනත් නරක කොටස් වලට. මම හිතන්නෙ හොරා කන්න ඕනෙ විදි‍යට ඔය කොටස් 20 ඇතුලට රිංගවන එක පිටිපස්සෙ ඉන්න ඇත්තෙ බැසිල්. මිනිහ ඒකීයබාවය ඉවත් කරල හරි සල්ලි ටිකක් හොයාගන්න තියෙනවනම් ඒකත් ආසාවෙන් කරයි.

    • කුමාර says:

      ඔය නොකියා කියන්නේ මහින්ද ගෝඨාභය වැඩක් කරන්න ඉඩ නොදෙන බව. ජනතාව ඡන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට මිසක් පැලැස්තර සංශෝධන වල ට නොවන බව මුරණ්ඩු ගෝඨාභය දන ගත යුතුය.

  2. sirimal says:

    මහින්ද අගමැතිතුමාගේ බලතල අඩු කරන්න එපා. එතුමා නිසයි අපි පොහොට්ටුවේ ඉන්නේ.

  3. A citizen of Mihinlanthaya says:

    Mandale kachal wage …..

    • Dubba says:

      කිසි කචල් එකක් නැහැ.
      යහපාලනේ 19ට සංශෝධන ගෙනාවෙත් මෙහෙම තමයි.
      මතක නැති අයට කියන්නේ!

    • LAKWESIYO says:

      The people expects all the amendments should be to consolidate the welfare of the country and the nation ,but not be aimed at gaining personal advantages.

    • yvonne- chula says:

      eka tama prajatharawadaya kiyanne

  4. අගමැතිගේ බලතල අඩු කරන්න..! says:

    අගමැතිගේ බලත ඉවත් කරන්න….!!!

  5. බූරු පුතානෝ සජීයා says:

    ජීවිත කාලයෙන් හතරෙන් තුනක් හෙවත් අවුරුදු 50 තමන් අතින්ම සරුවට අස්වද්දා ගත්ත දේශපාලන භූමියේ අස්වැන්න නෙළාගන්නෙ දේශපාලන භූමියට බලෙන් කඩාවැටුන ආගන්තුකයෙක් වීම ගැන මට නම්
    මහින්ද ගැන හරිම කණගාටුයි.

  6. දුටුගැමුණු says:

    ගෝථාභය ජනාධිපතිවරයා මේ වනවිට දිනාගෙන ඇති අති ප්‍රබල මහජන ප්‍රසාදය ඉදිරිපිට විමල්ලා සුනු විසුණු වී යනු නියතය

  7. Wijebahu says:

    At the end they will raise their hands like puppy dogs. What a shame constitution of a country is being changed to suit few individuals.

  8. charles says:

    Bring the new constitution soon.

  9. SIRIMAL says:

    Wimal, pl keep your mouth shut. Otherwise. You will destroy yourself. Do your job as ind minister, don’t be like Vasu. We love you.

  10. ඡන්දදායකයා says:

    විභාගයකින් සමත්වීමේදී වලංගු වන්නේ ඔබ කොතරම් හොඳින් විභාගයට සූදානම් වුනා ද, කොතරම් කැපවීමෙන් පාඩම් කලාද, කොතරම් අමතර පංති සංඛ්‍යාවකට ගියාද, කොතරම් දක්ෂ ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තාද ආදි කිසිවක් නොව ඔබ විභාගය වෙලාවේදි විභාග ප්‍රශ්න පත්‍රයේ ලියුවේ මොනවා ද යන්න යි.

    ඒ ආකාරයටම, මේ කාරණාවේදීත් වැදගත් වනුයේ, විමල් දැන් කුමන තොවිල් නටනවාද යන්න නොව, පාර්ලිමේන්දුවේ ඡන්දය විමසන අවස්ථාවේදී විමල් ගේ ඡන්දය හිමිවනුයේ කුමන වගන්ති වගන්ති වලට ද යන්නයි.

Main News