20ට සංශෝධනයට කමිටුව පත් කලේ අගමැතියි.. නිගමන කලේ ඔහු සමගයි.. 20ට සංශෝධන ගේනවා..- 20 විමල් තව අවුලයි…

September 24, 2020 at 10:02 pm | lanka C news
20ට සංශෝධනයට කමිටුව පත් කලේ අගමැතියි.. නිගමන කලේ ඔහු සමගයි.. 20ට සංශෝධන ගේනවා..- 20 විමල් තව අවුලයි…

20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශයන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව ඔහුගේම ප්‍රධානත්වයෙන් රැස්වී ඔහු ඉදිරියේදීම අවසාන නිගමනයට පැමිණි බවද වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව අවසානයේ දී කමිටුව එකඟ වූ නිගමනයන්ට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී වීරවංශ මහතා මෙම අදහස් පල කරන ලදී.

🔺 20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…

🔺 20 සම්බන්ධයෙන් කමිටුවේ නිගමන ගැන විමල්ගෙන් ප්‍රකාශයක්…📌 Read More: https://bit.ly/3cw6dyv#lka #News1st #WimalWeerawansa #ULC

Gepostet von Newsfirst.lk am Donnerstag, 24. September 2020

44,417 views

20 Comments to “20ට සංශෝධනයට කමිටුව පත් කලේ අගමැතියි.. නිගමන කලේ ඔහු සමගයි.. 20ට සංශෝධන ගේනවා..- 20 විමල් තව අවුලයි…”

  1. Lee says:

    සිංගප්පුරුව අපි හැදුවේ දුෂණයට තිත තියල.විඝණනය තමයි අපේ ප්‍රධාන අවිය උනේ,එයට එරෙහි වෙන්නේ කඹ හොරු,අපි ඔවුන්ව රටින් පිටුවහල් කළා.- සිංගප්පුරුවේ නිර්මාතෘ ලි ක්වාන් යු.

Main News