20ට සහාය දෙන්න තීරණය කලා.. ජනපති හැගුම්බර වූ නිසා ද්විත්ව පුරවැසි වගන්තියටත් සහාය දෙනවා..- වාසු-විමල්-උදය

October 22, 2020 at 11:20 am | lanka C news
20ට සහාය දෙන්න තීරණය කලා.. ජනපති හැගුම්බර වූ නිසා ද්විත්ව පුරවැසි වගන්තියටත් සහාය දෙනවා..- වාසු-විමල්-උදය

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ප‍්‍රක්‍ෂය තිරණය කර ඇත.

අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායකයන් කියා සිටියේ විසිවන සංශෝධනය ට පක්ෂ වී ද්විත්ව පුරවැසි බාධාවන් ඉවත් කරන වගන්තියට නිෂ්ක්‍රීය වීමට තම පක්ෂ කලින් තීන්දු කර තිබුණ ද ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එම තීරණය වෙනස් කළ බවයි.

ඇමති උදය ගම්මන්පිල මහතා එහිදී පැවසුවේ එම හමුවේදී ජනාධිපතිවරයා ඉතා හැඟීම්බර ලෙස කළ කල ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි. නමුත් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් තම තමන්ගේ තර්කය පිළිගත් බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරි වසර ඇතුළත ඉදිරිපත් කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසි බාධක වගන්තිය අනිවාර්යෙන්ම ඇතුලත් කරන බවත් ඒ බව අද දිනය තුළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මගින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරවන බවද ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළේය.

ද්විත්ව පුරවැසි බාධාව හැර තම සියළු යෝජනා මෙම සංශෝධනයට ඇතුලත් කර ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා වන කෙටි කාලය අතුලත ලැජ්ජාවක් බයක් ඇති කිසිදු ද්විත්ව පුරවැසියෙක් අද ඇරෙන සිදුරෙන් ඔළුව නොදමනු ඇතැයි විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් වන තම ස්ථාවරයන් දිගටම එසේ පවතින බවත් පක්‍ෂ නායකයන් සියළු දෙනාම එහිදී සදහන් කලහ.

100,431 views

87 Comments to “20ට සහාය දෙන්න තීරණය කලා.. ජනපති හැගුම්බර වූ නිසා ද්විත්ව පුරවැසි වගන්තියටත් සහාය දෙනවා..- වාසු-විමල්-උදය”

  1. තම්බි​යා says:

    යේ අපිල ඔක්කොම අරාබියේ පුරවැසිබාවය තමා ගන්නවා. එක්කෝ අරාබියේ, නැත්තං පාර්ලිමේන්තුවේ. මුං වගේ සිංගල මී හරක් ඉන්නකම් අපිල ගොඩ මල්ලි.

  2. Kiribanda says:

    Nodokin policy ekak nethi kalakanni. Merenawa nam hondayi basil ethule agamethi namal janapathi. Wimalta HUlan

  3. jayalath says:

    හිතාගන්න අමාරු අච්චර විනාශයක් (මහ බැන්කු) වෙලත් මේ වගේ තුච්ච යෝජනා ගේන්න රාජපක්ශලා පෙළබුනේ කොහොමද කියන එකයි… විසේශයෙන්ම ගෝඨාබය
    ඒක හරියට අර දහසක් ප්‍රාර්තනා නබලාපොරොත්තු තියාගෙන තමන් එක්ක දීග ආපු මනමාලිව පලමු රාත්‍රියෙම පිට එකෙකුට පාවාදුන්නවගෙයිනෙ.

  4. sakalabujan says:

    ද්විත්ව පුරවැසි kama mokatada /kaatada ? / y ? me taramma one wela tiyenne ?

    Kauda mewa Constitution ekata include karana kiyanne ??

  5. Gota says:

    Lol thanakola kana sinhayo.

  6. Elakiri.com says:

    MR and brothers Going to get revenge from 19 amendment. Yes it’s correct cos it was specifically made MR and brothers. But one thing to remember in one year or so Forsure government will not have 3/2 parliament majority. This dual citizen clause will remain forever ..forever . This will be worse decision in history in srilankan politics. Through this door everything will happen. Rathnajeev pool will be first to get profited and all other will awaiting inline. Beginning of the end made by Rajapaksha brother..if they unable to pass new constitutional. We all hope they will..pray for 225 idiots

  7. Ruhdtug says:

    Me gollo nam janatha sevayata neme awilla inne… mata.. mage sahodarayinta sevaya kara gannay.. neththang hengeem bara wenawa….

  8. Ruhdtug says:

    Hooooooooooo!!!!!!

  9. Last chance says:

    Pahu giya kale mara rangapemakne kale. Rewatuna nowei awasthawa enakam inne thopita padamak ugannanna.

  10. මහ මොළකරු says:

    ඔය තුන් කට්ටුවම 20 ට සහය දෙන එක අපි කොහොමත් දන්නවා. පොඩි බයිස්කෝප් පාරක් දාලා ඔවුන්ට ඦන්දේ දුන් හරක් ටිකට පොඩි චූන් එකක් දෙන්නත් එපායේ.

Main News