20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට..

September 6, 2020 at 10:00 am | lanka C news
20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට..

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනකු 20 වන සංශෝධනය සහාය දීමට සූදානමින් ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මෙසේ එක් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දැනටමත් අදාළ සාකච්ඡාවන් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයෙන් දැයි දැන් එන එළැඹෙන සතියේ දී ද තීරනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ නමුත් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ ආණ්ඩුවට එක් කර නොගැනීමට රාජය දැඩි ස්ථාවරයක පසුවන්නේ යයි ද වාර්තා වෙයි.

27,396 views

8 Comments to “20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට..”

  1. Neela says:

    2002 දී පාර්ලිමේන්තුවට ගෙනා 19යට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය යටගසා ශ්‍රී පවන් 2015 හීනියට 19 න් ලිස්සා ගියේ අනාගත විග්නේෂ්වරන් වීමටද? ශ්‍රී පවන් ඇතුලු යහපාලන නඩය 2015 දී හොරාට 19 නීතියක් කර ගත්තේය. දැන් ඒ නඩය බේරා ගැනීමට දෙමළ මන්ත්‍රීවරුන් ඉදිරිපත්වීම පුදුම වෙන්න දෙයක් නොමේ. තව ටික දවසකින් සජිත්ගේ සෙට් එකත් 20ට කැමත් වනු ඇත. කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේ එසේය.

    • දුස්‍රා says:

      අපේ රනිල් සර් මොහාන් පීරිස්ව අගවිනිසිරුකමෙන් එලෙව්වෙ මෙහෙම ඕනි ඕනි වැඩ කර ගන්න. දැන් ඉන්න උන්ට මේව මතක නෑ. යුවන්ජන් තමා 2015 නීතිපතිවෙලා මේ ගේම ගහන්න උදව් කළේ. දැන් රනිල් සර් කියනව 19 වෙනස කළොත් මරු වැලක් කියල. ඒක ඇත්ත 19යේ තියෙන 70 ව්‍යවස්ථාව වෙනස්කරන්න යන්කොට තමා කට්ටියට මරු පෑගෙන්නෙ.

      • CAT says:

        විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවය ආණ්ඩුවට එක කර ගැනීම ..කිරි කළයට ගොම මුසු කළා වගෙයි.
        ජනතාව පත්කළ රජයට දැන් කුමකටද මේ හොර කපටි මන්ත්‍රීවරු ?

  2. ටකරමා says:

    කට්ටියට මතකද මේක. පඹය ප්‍රමුඛ යහපාලන පාණ්ඩුවට කලින් මහින්දගෙ ආණ්ඩුවෙ අවසාන කාලයෙදි බදුර්දීන් පිල්මාරුවකට සූදානම් වෙමින් සිටියදී එසේ නොයන්න නම් මිනිහගෙ පිලේ කෙනෙකුට මංත්‍රී පදවියක් ඉල්ලා සිටිය. එවිට අභාවප්‍රාප්ත A.H.M. Aswer මංත්‍රී වරය ස්ව කැමැත්තෙන් ඒ සදහා ඉඩදී පාර්ලිමේන්තු අසුනින් ඉවත්වුනා. ඉන්පසු බදුර්දීන්ගෙ මිනිහ දිවුරුම් දුන්න. දිවුරුම් දීපු දාම එම නව මංත්‍රී පදවියත් සමගම සැලසුම් කරගත් අයුරින්ම පිල්මාරුවත් සිදුකලා. ඔන්න ඔහොමයි ඔය අමනය මහින්දව හෑල්ලු කලේ.shopping bag එකක ඇදුම් කෑලි ටිකක් දාගෙන ප්‍රභාකරන්ට බයේ දකුනට ආපු අනාතය මහින්දට කලේ. ඉන්පස්සෙ යම පාල්නෙන් උස්මුරුත්තාව හැදෙනක්ම්ම කෑව තමයි.

    • ගිරවා says:

      පනින රිළවුන්ට ඉණිමං තැබුවා වගෙයි.විපක්ෂයේ අවස්ථාවාදී මන්ත්‍රී වරු විශ්වාස නොකරනු

  3. ලොලිපොප් මංගල says:

    කට්ටියට මතකද මේක. පඹය ප්‍රමුඛ යහපාලන පාණ්ඩුවට කලින් මහින්දගෙ ආණ්ඩුවෙ අවසාන කාලයෙදි බදුර්දීන් පිල්මාරුවකට සූදානම් වෙමින් සිටියදී එසේ නොයන්න නම් මිනිහගෙ පිලේ කෙනෙකුට මංත්‍රී පදවියක් ඉල්ලා සිටිය. එවිට අභාවප්‍රාප්ත A.H.M. Aswer මංත්‍රී වරය ස්ව කැමැත්තෙන් ඒ සදහා ඉඩදී පාර්ලිමේන්තු අසුනින් ඉවත්වුනා. ඉන්පසු බදුර්දීන්ගෙ මිනිහ දිවුරුම් දුන්න. දිවුරුම් දීපු දාම එම නව මංත්‍රී පදවියත් සමගම සැලසුම් කරගත් අයුරින්ම පිල්මාරුවත් සිදුකලා. ඔන්න ඔහොමයි ඔය අමනය මහින්දව හෑල්ලු කලේ.shopping bag එකක ඇදුම් කෑලි ටිකක් දාගෙන ප්‍රභාකරන්ට බයේ දකුනට ආපු අනාතය මහින්දට කලේ. ඉන්පස්සෙ යම පාල්නෙන් උස්මුරුත්තාව හැදෙනක්ම්ම කෑව තමයි.

  4. A citizen of Mihinlanthaya says:

    Aiyooo mage Deshapremi Sinhala Baudda Kiri Hattiya…..

  5. sunimal says:

    විපක්ෂයේ ඉදගෙනම තමන්ගේ චන්දය බාවිතා ක‍රන්න පුලුවන්

Main News