20න් අගමැති කාර්යාල කාර්ය සහායකයෙකු කරනවා… ඒකට ඉඩ දෙන්න බෑ… අපි විරෝධයේ..

September 23, 2020 at 10:40 am | lanka C news

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කොට අපිට හිටියේ මන්ති‍්‍රවරු 42 යි. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් එදා විපක්‍ෂය සමග සංවාද වට 06 ක් පැවැත්වුවා. ඊට පසු අපි එකඟතාවයකට ආවා. එදා තමුන්නාන්සේලා එකඟතාවයකට ආව නිසයි අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ. පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව අමතමින් ආණ්ඩු පක්‍ෂයට පවසා සිටියේය.

අද 20 වැනි සංශෝධනය පිළිබඳ විපක්‍ෂය සමග කිසිදු සංවාදයක් නැ. අපි දැක්කා 20 වැනි සංශෝධනය පිළිබද අගමැතිතුමා කමිටුවක් පත් කරලා තිබ්බා. ඒත් විපක්‍ෂය සමඟ කිසිදු සංවාදයක් නැ. කිසිම සංශෝධනයක් නැ. 19 වන සංශෝධනය ගේන කොට අපි සංවාද වට කියක් පැවැත්වුවද පස්සේ අපට 3/2 ක බලයකින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න පුළුවන් වුනා.

මේ 20 වැනි සංශෝධනය හදිස්සියට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ බලතල සම්පුර්ණයෙන් නැති කරන්න හදනවා. අගමැතිතුමා කාර්්‍යාල කාර්්‍ය සහයකයෙකු බවට පත් වෙනවා. පාර්ලිමේන්තුවට කිසිම බලයක් නැතිව යනවා.

පාර්ලිමේන්තුව අවුරුද්දෙන් අවුරුද්ද විසුරුවන්න පුළුවන් මොකක්ද මේ? 20 වැනි ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විපක්‍ෂය සමග සාකච්ඡුා කරන්න අවස්ථාවක් ඉල්ලා සිටිනවා.

– midea unit

21,518 views

9 Comments to “20න් අගමැති කාර්යාල කාර්ය සහායකයෙකු කරනවා… ඒකට ඉඩ දෙන්න බෑ… අපි විරෝධයේ..”

  1. gamarala says:

    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළමුවෙන් කෙරුවේ මහබැංකුව සොරා කෑමයි. 20 ට ලක්ෂ 69 කගේ සහය ජය පතමු,

  2. don katugampala says:

    Sajith janadipathi unanam venneth agamethi Ranilge “peon” vidihata inna thama .

  3. ගරසරප says:

    මහින්ද රැකගමු- සජිත්

    • Analyst says:

      රටේ ජාතික ප්‍රශ්ණය වන විද‌ෙස්ණණය ගිනිකන්ද පාමුල විධායකය හා ව්‍යවස්ථාදායකය බලු කුක්කන් පමණි.ඔවුන්ට දැන් කල හැකි එකම දේ තවතවත් ණය ඉල්ලමින් කාගේ හෝ කකුල් ල‌ෙව කමින් නගුට වැනීම පමනකි.
      ව්‍යාජ රාජ්‍යයේ සැබෑ පාලකයින් දැන් උභතෝකෝටිිික ප්‍රශ්ණයකට මුහුණපා ඇත.ඒ මේ දිවයිනත් එහි ජනතාවත් සූරා කෑමටත්,මංකොල්ලකෑමටත්,බොරැ ජනතා පරමාධිපත්‍යයක් ප‌ෙන්වා රවටා තබාගැනීමටත් අවුරැදු 72ක් පුරා යොදා ගත් තම අතකොලුව වූ “යටත් විජිත රෑකඩ පාර්ලිමේන්තුව” ලෝකයේ ප්‍රගතිශීලි ව‌ෙනසකම් හමුවේ ඊට පටහැනිව ලංකාව තුල තවදුරටත් පවත්වාග‌ෙන යන්නේ ක‌ෙසේද? පුපුරා යාමට ආසන්න විද‌ෙස්ණය ගිනිකන්ද පිලිබඳ ජනතා අවධානය,කතිකාව,කැලබිල්ල හා එයට එර‌ෙහිව ජනතාව ස්වාධීනව සංවිධානය වීම, කදවුරැ බැඳීම වලක්වන්නේ ක‌ෙසේද යන්නයි

  4. ක්‍රිමිනල් says:

    පව් අප්පා, මේ හිපටුවෝ ටික

  5. bonal suruwa says:

    මිනීමැරුමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පිල්ලෙයාන්ට ඉහළම තනතුරක්

  6. හිටං says:

    මහින්ද ගැන සජීට දුක හිතිලා.🤣

  7. Priyankara says:

    Rani thamai Agamathikama baldu karala giye.

  8. Boo says:

    යකෝ අගමැතිටවත් නැති අමාරැවක් මේ කොහෙද යන හිපාටුවෙකුට තියෙන්නෙ කොහෙමද?

Main News