20න් අගමැති පඹයෙක් කර ජනාධිපති සියළු බලතල ගන්න හදනවා..

September 25, 2020 at 6:27 am | lanka C news
20න් අගමැති පඹයෙක් කර ජනාධිපති සියළු බලතල ගන්න හදනවා..

‘20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඡුන්දය දෙනවා කියන්නේ අපේ අනාගත පරම්පරාව පාවාදිමක්. 20 වන සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම, අධිකරණය, රාජ්‍ය සේවා කොමිසම, නිතිපති තුමා, විගණකාධිකාරි තුමා, රජයේ ඉත්තන් බවට පත්වෙනවා’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

‘අපි හැමදාම ස්වාධීන කොමිෂන් ඇතිකරන්න ඡන්දය දුන්නා. නමුත් මේ ආණ්ඩුවේ අය ස්වාධීන කොමිෂන් ඇති කරන්නත් ඡන්දය දුන්නා, ස්වාධීන කොමිෂන් නැති කරන්නත් ඡන්දය දෙනවා. මේ අයට කිසි ප‍්‍රතිපත්තියක් නැහැ. ස්වාධීන කොමිෂන්වල අඩු පාඩු තියෙනවානම් ඒවා නිවැරදි කරගත යුතුයි. නමුත් ස්වාධීන කොමිෂන් අහෝසි කිරීම බරපතල වරදක්. අපි නැවත රට ගල් යුගයට රැගෙන යාමක්.

ඒ විතරක් නොවෙයි, වයවස්ථාදායක සභාව තියෙනකොට අතිගරු ජනාධිපතිතුමා පත් කිරිම් සම්බන්ධයෙන් නමක් යෝජනා කරනකොට ඒ නම ප‍්‍රතික්‍ෂේප කරන්න ව්‍යවස්ථාදායක සභාවට බලය තිබුණා. මට මතකයි මෑත කාලයේදි එහෙම නමක් ප‍්‍රතික්‍ෂේප කලේ නැහැ. නමුත් විධායක ජනාධිපති තුමා යෝජනා කරන නමක් ප‍්‍රතික්‍ෂේප කිරිමේ බලය ව්‍යවස්ථාදායක සභාවට තිබුණා. මැතිවරණ කොමිසමේ නිලධාරින්, රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරින්, පොලිස්පති තුමා, නිතිපතිවරයා, විගණකාධිකාරිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළ පත්කිරිම් වැනි සියළු ඉහල නිලධාරින් පත්කිරිමේදි ව්‍යවස්ථාදායක සභාවට ඒ සම්බන්ධයෙන් බලය තිබුණා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ගරු කථානායක තුමා, අගමැති තුමා, විපක්‍ෂ නායක, සිවිල් සමාජයේ 3 දෙනෙකුගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විතවූ බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

ජනාධිපති තුමාගේ නිර්දේශ කිරලා, මැනලා, බලලා, තින්දුවක් ගන්නයි ව්‍යවස්ථාදායක සභාව බිහි කලේ. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හා උසස් නිලතලවලට නිලධාරින් පත් කෙරුවාම සෙනෙට් සභාව ඉදිරියට යන්න ඕනි. ඒ අය අහන ප‍්‍රශ්ණ වලට උත්තර දෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි. මුළු රටටම මේවා සජීවීව පෙන්නනවා. එහෙමයි නිලධාරින් තක්සේරු කරන්නේ.

20 වෙනි සංශෝධනය රට ආපස්සට යාමක්. පාර්ලිමේන්තුවේ බලතල නැති වෙනවා. අද අගමැති වශයෙන් පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පුද්ගලයයි. නමුත් මේ සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණන් නැතත්, ජනාධිපතිට ඕන කෙනා පත් කරන්න පුළුවන්.

20 වන සංශෝධනය යටතේ අගමැතිට කිසිම බලයක් නැහැ. පාර්ලිමේන්තුවත් පඹයෙක්, අගමැති පඹයෙක්, උසස් රාජ්‍ය නිලධාරිනුත් පඹයෝ බවට පත් වෙනවා. මේක ජාත්‍යන්තර වශයෙන් අපට බලපානවා. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන මේ සංශෝධනය අධ්‍යනය කරමින් සිටිනවා. 20 වන සංශෝධනයට ඡුන්දය දෙනවා කියන්නේ අපේ අනාගත පරම්පරාව පාවාදිමක්. මේ රටේ ඉතිහාසය ලියනකොට 20 වන සංශෝධනයට ඡුන්දය දිපු අය වැටෙන්නේ කුණු බක්කියට බව මම මතක් කරනවා.

– මාධ්‍ය ඒකකය

7,365 views

10 Comments to “20න් අගමැති පඹයෙක් කර ජනාධිපති සියළු බලතල ගන්න හදනවා..”

  1. sajitha says:

    ithin mokada gono? mona kaleka unath dennama chanden pathkaragath dennek ne. denna samagiyen waedakaloth prasnayak nae, asamagi unoth prasnayak thamai, namuth thawakalikai. ayeth chandenma path wenta epayae.

  2. Banda says:

    Forget the politics. Our people have to take what he has highlighted seriously.

  3. siri says:

    ona gonekta 20 gana dodawanna puluwani, 20 ratawasiyata honda, thopi horu, idam horu.

  4. kamal says:

    අනේ පලයන් සේමසිරි යන්ඩ, පබයෙක් හරි මොකෙක් හරි උබලට පාන්ද ? එක ආණ්ඩුව බලාගැනී,

  5. බන්ඩා says:

    පසුගිය වසර පහේ යහපාලන හැත්ත එක්ක රට කෑ කිරිඇල්ලයට මහින්ද ගැන දුක හිතිලා. 🤪🤪😆

    • COBRA says:

      ගෝඨාභය මහතා ගැන අපේ විශ්වාසය ඇත.එත් ඔහු මහින්දට ඇති ගරුත්වය නිසා මොහුගේ අදහස් මහින්දට අවශ්‍ය ලෙස සිදු කිරීමට ඉඩ ඇත ..ඒ ගැන ජනතාව අවධානය යොමුකළ යුතු යි

  6. Risad says:

    Ubala awurudu 4,1/2 kale hari widiyata. Ane hu…. .ganne nathuwa hitapan nakiya.

  7. RED BULL says:

    මූත් නීතිඥයෙක්ලු?78 ව්‍යවස්ථාවෙන් ඔක්කොම පඹයින් කරපු ජේ ආර්ගෙ ක්‍රමය යටතෙ මුන් පඹයො වෙලා උන්නා.දහනමයෙන් ජනාධිපතිගෙ ආරක්‍ෂක අමාත්‍යාංශය ගැලෙව්වෙ මුන් .ඒ බෙදුම්වාදීන්ගෙ උවමනාවට.මුන් තාමත් පෙනී ඉන්නෙ උන් වෙනුවෙන්.ඒකයි ගොන් කිරා කිඹුල් කඳුලු හෙලන්නෙ.

  8. Lol says:

    Ekata thamai api chande dunne. Unp eka agamathita bale deela rata palanaya weak kala. Widayakayak awashyai lankawata.

  9. MD says:

    මහින්ද මහත්තයත් පැන්ෂන් යන්න ඉන්න නිසා ඔක්කොම බලතල ටික ජනපති අතට අරගෙන තියාගත්තොත් ඇඟට ගුණයි.අපටත් දෙවියනේ කියලා බයක් සැකක් නැතුව ජිවත්වෙන්න පුළුවන් වෙයි.

Main News