20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා..
October 9, 2020 at 10:32 pm | lanka C news
විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘදසාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
විසි වන සංශෝධනය මගින් සිදුවන්නේ 18 වන සංශෝධනය පැවැති තැනට ආපසු යන්න නම් එය සිදු නොවිය යුත්තක් බව ද ඔහු පැවසීය.
ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයේ ඇතැම් වගන්ති හොඳ ඒවා බවත් ඇතැම් වගන්ති නරක බවත් පැවසූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ඒ සඳහා වන ඡන්ද විමසීමේ දී තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් තීන්දු ගන්නේ තම පවුලේ හෝ වෙන කිසිවකුගේ වුවමනා මත නොව ව්‍යවස්ථාව මත යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙරට ජනතාව ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් මිස පැලැස්තර නොවන බවත් පැලැස්තරවලට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.
අයාලේ යන මෙි රජය හරි මගට ගැනිමට ගන්නා උත්සහයකි.
හොරා කන්න විදියක් නෑ 19 නිසා. ඒකයි 20 ගේන්නෙ.
ගොන් බාස්. ගල් හාමු 19ගෙනත් තමයි මහ බැන්කුව මහ දවල් මන්කොල්ල කෑවෙ.😀
ඔබගේ තීරණය කෙසේ වෙතත් අගමැති තුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ඵක්ක සාකච්චා කොට හොඳ තීරණයක් ඔබට දෙයි.කලබල නොවී ඉන්නකෝ.ඔයා මුල ඉඳන්ම මහින්ද පාර්ශවය කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරමින් ලකුණු දාගන්න හදනවා නේද?
ඔබ නිවැරැදියි
රට හදන්න ඉස්සෙල්ලා හොරණ නගර සභාවෙ සහ ප්‍රාදේශීය සභාවෙ වැඩ බැරි හොරු ටික පන්නල ඉම්මුද?
මේකෙ කොටන ගොම් බයියනේ උඔලගෙ කෙරුම විගණනයට මේතරම් බය මොකද කියල කියනවද?
මේකෙ කොටන උබ දන්නේ නැත්ද එකට amendment එකක් දල තියනවා කියලා, ඔහේ කොටන්නන් වාලේ කොටන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලපං මොකද රටේ තොටේ වෙන්නේ කියලා
20 kapothiy. niyama janatha niyojithayo methumanla. 20 sammatha wennema naa. sammatha wenawa nam wenne rishard ge chandath ekka. baiyange lajja nahara sindala nam ehema wena eka hondai kiyanda puluwan.
එහෙනම් 19 තියාගන රට විකුනපල්ලා. 19 නිසා වෙච්ච හරිය අමතක ඇති. හිතන්න එපා. කවදාවත් යුද්දේ කාලේ 19 තිබුනා නං යුද්ධය අවසන් කිරීමට හැකිනොවන වග. අනේ මේකෙ ඉන්න එවුන්ට මහින්ද රජවෙන එඑකට තියෙන අමාරුව. පලයවු යන්න.
මොහුගේ පියාගෙ උරුමයෙන් අගමැති සිහිනයක ඉන්න බව නං පේනවා
පොහොට්ටුවේ පෙති අස්සේ ඉන්නා රනිල්වාදී,
19යට පෙම්බදින්නෝ කව්ද?