20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා..

October 9, 2020 at 10:32 pm | lanka C news
20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා..

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘදසාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

විසි වන සංශෝධනය මගින් සිදුවන්නේ 18 වන සංශෝධනය පැවැති තැනට ආපසු යන්න නම් එය සිදු නොවිය යුත්තක් බව ද ඔහු පැවසීය.

ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයේ ඇතැම් වගන්ති හොඳ ඒවා බවත් ඇතැම් වගන්ති නරක බවත් පැවසූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ඒ සඳහා වන ඡන්ද විමසීමේ දී  තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් තීන්දු ගන්නේ තම පවුලේ හෝ වෙන කිසිවකුගේ වුවමනා මත නොව ව්‍යවස්ථාව මත යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙරට ජනතාව ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් මිස පැලැස්තර නොවන බවත් පැලැස්තරවලට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

32,608 views

29 Comments to “20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා..”

  1. Sihini says:

    විමල් නම් කිව්වත් කමක් නෑ..මෙයත් තාත්ත වගේම මයික් ටයිසන් කෙනෙක්.. කයිබා විතරයි… බයිලා නැතුව අත උස්සපන් එදාට

    • Saman says:

      මූත් තෙවරප්පෙරුම වගේම අමු පිස්සෙක්. මූටත් ඕනෑ වාසුවට වගෙ මහින්දගේ බලතල ඒ ආකාරයට තබා ගැනීම. මේ රටට වෙලා තිබෙන විපත ඕක තමා.

    • Janaka says:

      මේ මිනිහ ජනාධිපතිට විරුද්ධවන බව දන්නවනම් මේ අපතයට පාර්ලිමේන්තු එන්ඩ කලුතර දිස්ත්‍රික්කයෙන් අපි මනාප දෙන්නේ නෑ .

    • සාලිය says:

      මුන් ඔක්කොම 2002 දි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක් ඒකමතිකව ජනතා පරමාධිපත්‍යය රැකපු 70වන ව්‍යවස්ථාවේ බලය කොල්ලකන්න 2015 දි රනිල්ට රෙදි නැතිව කඩේ ගියපු උන්.

    • kamal says:

      මෙය කියන දේවල් ගණන් ගන්ට ඕනේ නෑ, ජොලි සීයාගේ පුතානේ, හැමදාම ඔහොම තමා, ටික දවසකින් කියනවා මම මගේ අදරනීය ජනතාවගෙන් අහලා තීන්දුවක් ගන්නවා කියලා, ඊට පස්සේ කියනවා ජනතා මතයට ගරු කලා කියලා

  2. සුනිල් says:

    මූව විශ්වාස කරන්න එපා, ලෝක කපටියෙක්. අමු රාජපක්ෂ ගැත්තෙක්.

    • Wijebahu says:

      I think he is beating around the bush. No point of waiting until SC decision arrives. SC verdict is nothing about whether constitution is good or bad. It determines whether referendum is needed to action this.

  3. යටවත්ත-ලන්ඩන් says:

    කොරෝනාවෙන් රට ආපස්සට යන්න දෙමු…!!
    දැනටමත් රටෙන් භාගයක්ම පොකුරුවෙලා..!

    • බන්ඩා says:

      සජියට කියල පකනෙල් පොවල ගෑනුන්ට තුවා බෙදලා රට බේරා ගනිමු.🤣

    • kamal says:

      අය්ශේ යටවත්ත එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

  4. රත්න අප්පුහාමි says:

    තමුසෙත් අගමැති වෙන්න ද හිතං ඉන්නෙ.

    මතජ තියාගන්නවා. තමුසෙ නිස 19 බලය පවත්තගෙන යන්න දෙන්නත් බෑ…

    69 ලක්ෂයක් පතන්නෙ 19 අහෝසි කොට ගෝඨාභයට විධායක බලය ශක්තිමත් කටල රට ගොඩ නගන්න මිස මහින්ද උස්සන් ඇවිත් ෂෝ පෙන්නන තමුසෙලා අගමැතිලා කරන්න නෙවෙයි.

  5. චතුරානි වසන්තිකා says:

    ජොලී සියාගේ පුතා ෆෝම් වෙලා

  6. අපේ බලාපොරොත්තුවය...! says:

    විදුර වික්‍රමනායක..!! ඉදිරියටම එනු ….!!!

  7. බලාපොරොත්තුව..! says:

    විදුර වික්‍රමනායක..!! ඉදිරියටම එනු ….!!!

  8. විරාජ් says:

    මෙයාට බලාපොරොත්තුඋනු ඇමති පට්ටම් ලැබුනෙ නැති නිසා ගෝඨාභය සර් එක්ක තියෙන ඇරියස් කවර් කරන්න හදනවා මිසක් රටට ආදරයක් නෑ.
    ජෙනුයින් මනුස්සයෙක් ඕනෙ නම් අන්න ඉන්නවා විමල්. අම්මා මුත්තා කිව්වත් රටට අයහපත් වෙනවා නම් විමල් ඒකට විරුද්ධව නැගී ඉන්නවා.

  9. Niru says:

    Your job is to give better life to the people who voted for you.
    There is another challenge. Corona
    Help the officials to eradicate it tn kalutara district without talking bullshit

  10. yvonne- chula says:

    he is a master cook in front of women –

Main News