20න් MCC ගිවිසුම ගේන්න ඉඩ.. සමාගම් විගණනය වලකන්නේ ඒ නිසා..- ජාතික සංවිධානවලින් 20ට සැර පහරක්..

September 17, 2020 at 12:00 pm | lanka C news
20න් MCC ගිවිසුම ගේන්න ඉඩ.. සමාගම් විගණනය වලකන්නේ ඒ නිසා..- ජාතික සංවිධානවලින් 20ට සැර පහරක්..

රාජ්‍ය සමාගම් විගණනය නොකළ යුතු බවට රජයේ පිරිසක් දැඩි මතයක සිටින්නේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති එම් සී සී ගිවිසුම අත්සන් කිරීමට නියමිත නිසා බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය සමාගම් විගණනයට රජයේ ඇතමුන් දැඩිව විරුද්ධ වී ඇත්තේ හොරකමට ඉඩ දීමට නොව එම් සී සී ගිවිසුම අනුව ‘එම්සීසී ශ්‍රී ලංකා’ නමින් පිහිටුවීමට නියමිත සමාගමට ඉඩ දීම සඳහා බවයි.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගමක් බවත් යෝජිත ගිවිසුම අනුව එම සමාගම ශ්‍රී ලංකා නීතිය යටතේ විගණනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට සමාගම් විගණනය කළයුතු යැයි ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇති කළහොත් එම සමාගමට විරුද්ධව මහජනයාට අධිකරණයට යාමට හැකියාවක් ලැබෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

24,354 views

19 Comments to “20න් MCC ගිවිසුම ගේන්න ඉඩ.. සමාගම් විගණනය වලකන්නේ ඒ නිසා..- ජාතික සංවිධානවලින් 20ට සැර පහරක්..”

  1. අල්ලා says:

    ඒව කලොත් 2025 දී ආයෙත් 2015 වෙයි..

  2. sky says:

    රටේම කථාබහ MCC Sri Lanka Agreement – ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන. මෙම ව්‍යාපෘතිය ගැන වැරදි තොරතුරු කථා වෙනව වගේම ගිවිසුම ගැන ඇත්තටම ගැඹුරින් ඇසිය යුතු ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබිල නැහැ. ඩොලර් මිලියන $480 ක MCC ගිවිසුම උගුලක් විය හැකියි එම නිසා MCC ගිවිසුම අත්සන් නොකළ යුතුයි ..MCC ගිවිසුමෙන් ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට යයිද?.ඇමරිකානු කළු තරුවට අපේ රට පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි

  3. sunimal says:

    NO MCC PACT on Sri Lankan soil 2050 USA INDIA deadly indo pacific Dream is only a daydream….MCC PACT DANGEROURS
    Please do not SIGN it.

  4. Love nature says:

    MCC ගිවිසුම අපේ රට බිලිගන්නා රකුසෙකි ..එය අත්සන් නොකළ යුතුයි ..අපේ රට ඇමරිකානු කොලණියක් නොකරනු ..පොහොට්ටුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරනු

Main News