20වන ව්‍යවස්ථා සංශෝධනයයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි..
August 27, 2017 at 8:40 am | lanka C news
20 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
‘පසුගිය බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපක් කල විසිවන සංශෝධනය අභියෝගයට ලක්කරමින් අද අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකලා. අපි තමයි මේ සම්බන්දයෙන් පෙත්සමක් ගොනුකල පලවෙනි පාර්ෂවය. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමන් සහ නීතිඥ භූපති කහතුඩුව මැතිතුමන් මේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්න නියමිතයි.
අපේ මේ පෙත්සමේ පදනම වුයේ ඉතා පැහැදිලිවම මේ ආණ්ඩුව වසර දෙක හමාරක් තිස්සේ පුංචි ඡන්දය කල් දමලා මේ අයගේ ඡන්ද භීතිකාව නිසා පළාත් සභා මැතිවරණයද කල් තැබීමට අළුත් නිදහසට කාරණයක් හොයාගෙන තිබෙනවා. පුංචි ඡන්දය සීමා නිර්ණය ගැන කියමින් කල් දැම්මා. දැන් සීමා නිර්ණය අවසන් වෙලත් මාස හයක් වෙනවා. නමුත් ඡන්දය නැ.
පලාත් සභා ඡන්දය ලබන මාසය වන විට සබරගමුව උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභාවල පැවැත්වීමට නියමිතයි. මැතිවරණයෙන් ආණ්ඩුවට අත්වන පරාජය කල් දමා ගැනීමේ අරමුණින් පළාත්සභා මැතිවරණ එකම දිනක පවත්වන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතිවරණය හා මහ මැතිවරණය කල් දමනවානම් ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ගතයුතුයි කියලා වගන්තියක් තියෙනවා 82 වන වගන්තිය විදිහට. එහි පළාත්සභා මැතිවරණය ගැන සදහනක් නෑ. නමුත් ජනතාව සිය පරමාධිපත්‍ය පාවිච්චි කරන්නේ ඡන්දය හරහායි. ඒ නිසා ඡන්දයට බලපාන දෙයක් සිදුවේනම් එය ජනමත විචාරණයකදී ජනතාවගෙන් විමසිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියෙන් කියවෙනවා. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා අනිවාර්යෙන්ම ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමැතිය ලබාදිය යුතුයි කියන එකයි.
මේ දිනවල ජනතාව සැදි පැහැදී ඉන්නේ මේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරන හයපාලනය වෙනුවට යමපාලනය ගෙනා තමන්ගේ කලකිරීම හා කේන්තිය ප්රකාෂයට පත්කරන්න. ඉතින් මේ ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කරගැනීම තුලින් එය ආණ්ඩුවේ ගමන්මග පිළිබද ජනමත විචාරණයක් වේවි.
අනික් පැත්තෙන් ගත්තත් මේ ගෙනා සංශෝධනය ප්රයෝගිකත්වයෙන් තොරයි. මොකද පළාත්සභා නමයේම ඡන්ද නියමිත දිනයක එකවර 2019 පැවැත්තුවා කියලා අපි මොහොතකට හිතමු. නමුත් ඒ පත්වෙන පළාත්සභාවේ මහ ඇමතිවරයා එය විසිරුවා හරින්න පුළුවන් කියලා ඕනෑම අවස්ථාවක ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙන්න පුළුවන්. ඒ නිසා පළාත්සභාවල ප්‍රායෝගික පැවැත්ම දැඩි අර්බුදයකට මේ නිසා ලක්වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිම තීරණය කරන්නේ ජනපතිවරයා. පළාත්පාලන ඡන්දය පලාත්පාලන අමාත්‍යවරයා තීරණය කරනවා. නමුත් පළාත් සභා නමයේ මැතිවරණය තීරණය කරන්නේ ආණ්ඩුකාර වරයා සහ මහ ඇමතිවරයා. නමුත් මේය හරහා එය එම පලාත්සභාව සතු බලය නැවත මධ්‍යම ආණ්ඩුවට උදුරා ගැනෙන නිසා එය හරහා පළාත් සභා වල පැවැත්ම ගැන බරපතල ප්‍රශ්ණයක් ඇතිවෙනවා.
මේ දේශපාලන කාරණයත් ව්‍යවස්ථාමය කාරණයත් යන දෙකම සලකා බලලා අපි මේ සංශෝධනයට විරුද්ධයි. ඒ නිසා අපි මේක ජනමත විචාරණයකින් තොරව සම්මත කරගන්න බෑ කියන නියෝගය ශ්‍රේෂ්ඨාධිකරනයෙන් බලාපොරොත්තු වෙනවා.
– අරවින්ද අතුකෝරල
ඇයි දැන් විජේදාස ගොයියවත් එකතු කරගන්න පුළුවන්නේ….සරත් නන්ද සිල්වා දිය යටින් ගේව ගහයි….තව 2025 ජනාධිපතිවරණයට ඉල්ලන්නත් පුළුවන්….හැබැයි සිංහල විකුණගෙන ඒත් ඉංග්‍රීසියෙන් හොදේ….
ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට මම යනවා එනවා….
සිංහලයා ඉන් ඇන්දෙනවා….
සියල්ල ඉංගිරිස් හින්දා උන් ඇන්දෙනවා…තව ඇන්දෙනවා…
මනොහාරයා ගේම ගහනවා…කලු සුද්දෝ ටික සැනසෙනවා….
සිංහලයා ඉන් ඇන්දෙනවා….
පාර්ලිමේන්තු මං යනවා…
අධිකරණෙට මගේ ගුරැ යනවා…
මමත් ගොඩයි..මගෙ ගුරත් ගොඩයි..මගේ පවුලම පිටරට ගොඩ වෙනවා…
සිංහලයා ඉන් ඇන්දෙනවා……
Oba hari Upul Putha. Andaweema nisa thamai api deshapalakayo hamadama dinanne. Habai mama 2015 Jan 8 andawilla mulu itihasema ran akurin liyawenawa. Hithala balana laksa 62 andewwa kiyala hithenakotath mata full jollyyak danenawa.
Puthath andichcha ekkenek wage mata penne.
මටනම් පෙනෙන්නේ තාත්තයි පුතායි දෙන්නම ඇන්දීලා වගෙයි.
2015 ඇන්දවිල්ලට නම් රැවටුණේ නැත. නමුත් 2015 ඇන්දවිල්ල හොදයි කියා දැන්නම් සිතේ…මන්ද 2015 මහින්ද ජනාධිපති වූයේ නම් රවී කරැණානායක සහ විජේදාස රාජපක්ෂ වීරයෝ වගේ අදත් කියවිමින් ජනතාව ගොනාට අන්දවමින් සිටිනු ඇත. 2015 වෙනස නිසා සියලු හොරා මෙගා හොරැ අල්ලා ගත යුතුය..දේශප්‍රේමී වෙස් බැදගෙන සිංහලයින්ගේ තුට්ටු දෙකට විදින ගොම්මන්පිල..පචයා වගේ උන්වත් අල්ලා ගත යුතුය.
අනේ ගොනෝ..රවිය අහුවුනේ අාණ්ඩුව මේ හොරකම යට ගගහ කල්මර මර ඉන්න අටවපු කොමිසමට අාණ්ඩුව හීනෙන්වත් නොහිතපු විදියට අර අනිකා ද කවුද කියන කෙනා දීපු කට උත්තරය නිසා අහම්බයෙන් මිස 2015 අාපු වුන් ගෙනාපු කම්බ හොර වෙනස නෙවෙයි.මහින්දගෙ කාලෙට වඩා ලොකුවෙනසක් තියෙනවා.එ් තමයි රට අාපස්සට යාමත් හොරකම පමනක් රටේ සංවර්ධනය වීමත්.මුං ගොං විදියට හැමෝටම පේන්න බැංකු කඩල එ්ක රටේ හැමෝම දැනගත්තම කියනව යහපාලනේ නිසා හොරැ අහුවෙනව කියල.ගොං තඩි.
නාමලී,උපුල්,මම සිරිසේන වගේ තවත් අය ඉන්නව.කළ දුටු කල වල ඉහ ගන්නා මෙන්ම තමනුත් ඇඳගෙන අනුන් අන්දන්නට නිරර්ථක උත්සහයක යෙදෙන මොවුන් නතර වන්නේ ඇනගෙන.බහුතරය එසේ ඇන ගන්නා විට එය රටට බලපාන්නේ අහිතකර ලෙස.හරියටම 2015 වූවා සේ.දැන් 2015 වීරයින් සොයා ගැන්ම කළුනික සොයනවා හා සමානයි.ජනතාව ලෙස අපේ පරමාධිපත්‍ය පෙන්නන්න නම් වහා ජන මත විචාරණයක් අවශ්‍යයි.ඒ වෙනුවෙන් හඬ නගන්නේ ගම්මන්පිලද,විජේදාසද යන්න ගැටළුවක් කර ගන්නේ ඒ පරමාධිපත්‍ය නොදන්නා හැට දෙලක්ෂයේ පංගුකරුවන් බව නම් සහතිකයි..