20 අලුතෙන් කෙටුම්පත් කර ගැසට් කරන්නැයි ජනාධිපති කියයි..

September 14, 2020 at 2:10 pm | lanka C news
20 අලුතෙන් කෙටුම්පත් කර ගැසට් කරන්නැයි ජනාධිපති කියයි..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්තිත් ඊට අලුතින් ඇතුළත් විය යුතු වගන්තිත් සහිත නව කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර ඇත.

කොළඹ පැවති මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය සෙනසුරාදා පැවති සාකච්ඡාවකදීය තම සංවිධානය ඇතුළු ඊට එක් වූ පිරිස් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් විසිවන සංශෝධනය යනු තාවකාලික සංශෝධනයක් පමණක් බවත් එමඟින් සියල්ල නිවැරදි කිරීම බලාපොරොත්තු නොවන බවත් මෙමගින් රජය අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට ඇති බාධා ඉවත් කිරීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟ වී ඇති බවත් ඒ නිසා නව කෙටුම්පතක් ගැසට් කිරීමට රජය ඉදිරිපත් වීම ගැන සතුටු වන බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

41,797 views

11 Comments to “20 අලුතෙන් කෙටුම්පත් කර ගැසට් කරන්නැයි ජනාධිපති කියයි..”

  1. nimal says:

    අපේ ජනධිපතිතුමා දන්නවානම් ඕක කලින්ම කියනවා, දෙන්ගත්ත ගමන් තමයි වෙනස් කරන්න කියලා තියෙන්නෙ

    • Liyana Appu says:

      Ethakota 20 genawe…20 gazet kare… Janadhipathi ge danuma nathiwada ?

      • Gamini says:

        ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ගේනන දන්නෙ නැති 2/3 සෞභාග්‍යය ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ හදෙන්ද?

    • ඇම්ඩා says:

      19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගසන මනෝහර – ගෙවිදු කල්ලියේ ග්‍රහණයෙන් ජනාධිපති බේරා ගනිමු…

    • John says:

      ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 20 කෙටුම්පත් කළ විකටයා / විකටයෝ කවුද?

      • චම්පා says:

        කොහෙද එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්?

        • John says:

          2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවන්න. (2015 දී 19යට දුන් තීරනය නොවේ…)

  2. සිංහල බන්ඩා says:

    ජයවේවා!

  3. A Sri Lankan says:

    Hope Sri Lankans now realise value of their voice. Whenever you see something is not right let our politicians know that .. Government was forced to re work the 20A because they heard you loud and clear.

  4. Ruhdtug says:

    Wede iwara wunaama hooray daannang…

  5. gamarala says:

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සැකසීමට මහජාතිය එක්විය යුතුය.

Main News