20 එපා කියා සජිත් අලුත් එකක් කොටයි.. 19+ සංශෝධනයලු..

September 8, 2020 at 6:48 pm | lanka C news
20 එපා කියා සජිත් අලුත් එකක් කොටයි.. 19+ සංශෝධනයලු..

රජය විසින් ඉදිරිපත් කර ඇති වූ විසි වන සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව විකල්ප වැඩසටහන් ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

19+ ලෙසින් එම වැඩසටහන ඉදිරිපත් කරන්නේ යැයි ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩසටහනක් එමගින් ඉදිරිපත් කරන බව ඔහු පවසයි.

මේ වන විටත් එම යෝජනා කෙටුම්පත් කරමින් සිටින බවද සාම්ප්‍රදායික විරුද්ධ වීම පමණක් නොව ඒ සඳහා විකල්පයකුත් තමන් ඉදිරිපත් කරන බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.

25,111 views

15 Comments to “20 එපා කියා සජිත් අලුත් එකක් කොටයි.. 19+ සංශෝධනයලු..”

  1. Udara says:

    19+ හරි 69+ හරි සම්මත කර ගන්න තුනෙන් දෙකේ බලය අවශ්‍යයි .
    නැතිනම් පළමුව සරල බහුතරය ගෙන ආණ්ඩුවක් පිහිටවා ගෙන පනත පාර්ලිමේන්තුව තුල සම්මත කර නැවත ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතුය .ආසන 50ක් ඇති පක්ෂයක ට මේ දෙකම කල නොහැක