20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

October 22, 2020 at 3:26 am | lanka C news
20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර

දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම සංශෝධනයෙන් සිදුවන්නේ 19 සංශෝධනය මගින් දියාරු කර ඇති බලතල යළිත් ජනාධිපතිවට ලබා ගැනීම පමණක් යැයිද ඔහු පෙන්වා දෙයි.

එනිසා විරෝධතා නවතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වන ලෙස ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹ වියත්මග කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පලකලේය.

කෙසේ නමුත් විසිවන සංශෝධනය ඉදිරිපත් කළ ආකාරයේ වරදක් ඇති බව තමන් පිළිගන්නා බවද ඔහු මෙමගින් සිදු වන්නේ 19 සංශෝධනය අහෝසි කිරීමක් බව ජනතාවට මීට පෙර අවබෝධ කර දිය යුතුව තිබූ බව ද පැවසීය.

ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් දේශප්‍රේමීන් සංවිධාන වල මතය නිවැරදි බවත් මීට පෙර මෙය පැහැදිලි කළා මෙය සිදු වන්නේ නැති බවත් ඔහු පැවසීය.

විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්වල තේරුමක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

32,518 views

18 Comments to “20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර”

  1. GAMINI SENANAYAKE says:

    People in government started to oppose to 20th after opposition & other public organizations revealed disaster of the same.

  2. APPUHAMY says:

    You are right. We need people who are not scared of educated people. You will be our next Prime Minister. Bring on an amendment as a private bill to scrap 13A

  3. chandu says:

    සර් අන්තිම මොහොතෙ පොඩි වෙනසක් කරයි. හාමුදුරුව පින් දෙයි බයියො සාදුකාර දෙයි

  4. කුමන්ත්‍රණය යට ගැසීම says:

    19 ය ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් වත්මන් ආණ්ඩුවේ නීති විශාරදයන්ගේ හිතවතුන්ද?

    අන්තිමේදී 20 ගෙනහල්ලා තියෙන්නෙ 19යෙ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කරන්න…..!

    20 මගින් 19යම ගෙනහල්ල….

    19ය ඉවත් වුණාද? 19ය තහවුරු වුණාද?

    19ය ඉවත් කරන්න ගිහිල්ල 76ව්‍යවස්ථාවටත් කෙළව ගත්ත නේද?

    19යෙ කුමන්ත්‍රණය වහන්න 20 ගෙනහල්ල 2/3 ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් කළේ කවුද?

    20 ගෙනහල්ලා ඇනගන්න විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවොත් කොහොම ඇන ගනීවිද?

    ගෝඨාභය 2/3 ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් කිරීමට 20 ගෙනවිත් 19යම ශක්තිමත් කළාද?

    ජනවරමට එරෙහි 20 අන්තිමේ කර ඇත්තේ 19ය ශක්තිමත් කිරීමම නේද?

  5. දලු බන්ඩා says:

    විමල්ලා , ගම්මන්පිලලා , වාසුලා ලිහලා බලපු මලු මේවා. ඔබතුමාලා ඔබලා බලලා විතරයි වගේ අපට පේන්නෙ. ඒ අතින් ඔබතුමාලට වඩා දේශපාලනයේ පරිනත උගතුන් විමල් , ගමා ,වාසු .ඒක රටට සම්පතක් මොන විවේචන තිබුනත් මේ අවස්ථාවේ. වැඩි ජනමතය ඒ පැත්තේ බව මතක තියාගන්න.

  6. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    සරත් වීරසේකර පල්බොරැකාරයෙක්. කාලයක් දිගාමඩුල්ලෙ මිනිස්සු රැවැටිටුවා. එහෙන් පැරදුනාම කොළඹට පැන්නා. කොළඹ සිංහල බෞද්ධයොත් මෙි යෝදයට රැවටුනා. ලබන පාර මොහුට ලැබෙන්නෙ දිගාමඩුල්ලෙන් ලැබුන ප්‍රතිඵලයම තමයි.

Main News