20 කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කරන්න එකගතාවක් නෑ.. රටට අහිතකර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න බෑ..

September 20, 2020 at 10:40 am | lanka C news
20 කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කරන්න එකගතාවක් නෑ.. රටට අහිතකර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න බෑ..

දැනට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය ඒක ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට ආණ්ඩු පක්ෂය තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

රටට අහිතකර ඇතැම් පුද්ගලයන් ද්විත්ව පුරවැසිභාවයද සහිතය පාර්ලිමේන්තුව ඇතුළු වීම ගැන යම් යම් සැක සංකා ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

ඇතැම් අයට ඇමතිකම් ලබාදීම සඳහා ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට නිවැරදි නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒම තම වගකීමක් යැයිද ඔහු කියා සිටියේය.

20 සංශෝධනය ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.

31,393 views

9 Comments to “20 කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කරන්න එකගතාවක් නෑ.. රටට අහිතකර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න බෑ..”

  1. බන්ඩා says:

    ද්විත්ත පුරවැසියන් මංත්‍රී මෙන්ම රජයේ ඉහල තනතුරුවලටද පත් නොකල යුතුය්.

    • සිරිසේන says:

      ද්විත්ව පුරවැසියන්ට ලංකාවට ඇවිත් බිස්නස් කොරන්න කියමු.

  2. Love nature says:

    අනිවාර්යෙන් මහනායක වහන්සේලාගෙන් අනුමැතිය ලැබිය යුතුය.

  3. Osmand says:

    මෙයත් යහපාලනයේ එක්කෙනෙක්. 19ට අත උස්සාපු එකෙක්. රට කාපු පනින කුරුල්ලෙකි. ගෝඨාභය නිසා මෙවර යන්තං ගොඩ ගියා. ගෙදර තැබිය යුතුම පුද්ගලයෙක්.

  4. Sinhalaya says:

    2015 dith me wage aya thama rata winasha kale. 2020 dith meya mokatathe enna hadanne .nusudusue pudgalayo path unahama ratata jathiyata yahapathak balaporoththu soya noheka .

  5. Sun says:

    People are scared of army policy and do not want to express their views. All are keeping their mouths closed. This is not democracy. You have to talk and show your views. Not keeping you neck down.

    • sam says:

      If I have to choose between so-called democracy and chaos we had earlier or orderly army rule I will choose army rule anytime.
      Remember the handling of the Easter bombings by this so-called democratic lot.

  6. aniwa says:

    aniwa sir.
    The amendment should only allow the Rajapakse’s to hold positions in the government and block all jeppos and GuNP, Jaya wewa sir !

Main News