20 කෙටුම්පත නීතිපතිට.. මෛත‍්‍රීගේ අග‍්‍රඵලය නෑ.. බැසිල්ට පාර්ලිමේන්තු දොර ඇරේ..

August 31, 2020 at 9:20 am | lanka C news
20 කෙටුම්පත නීතිපතිට.. මෛත‍්‍රීගේ අග‍්‍රඵලය නෑ.. බැසිල්ට පාර්ලිමේන්තු දොර ඇරේ..

යෝජිත 20 සංශෝධන පනත් කෙටුම්පත කෙටුම්පත් කර නීතිපතිවරයා වෙත අනුමැතිය සඳහා යොමු කර තිබේ.

නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එය මීලග කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සැප්තැම්බර් මාසය තුළ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටී.

ඉදිරිපත් කර ඇති මෙම සංශෝධනය මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු නව තනතුරක් ලැබිය හැකි වගන්තියක් ඇතුලත් කර නැති බවද වාර්තා වෙයි.

පෙර වාර්තා වූයේ හිටපු ජනපති වෙනුවෙන් උප අගමැති ධුරයක් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇති කරනු ඇති බවයි.

එමෙන්ම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අත්හිටුවමින් 19 සංශෝධනය පනවා තිබූ නීතිය මෙමඟින් ඉවත් කර ඇති බවද දැනගන්නට ඇත.

91,629 views

14 Comments to “20 කෙටුම්පත නීතිපතිට.. මෛත‍්‍රීගේ අග‍්‍රඵලය නෑ.. බැසිල්ට පාර්ලිමේන්තු දොර ඇරේ..”

  1. D.Nimal says:

    The Dual Citizenship is not be qualified for to become member of Parliment. its undermined sovereignty of citizens of Republic of Sri Lanka.
    We do not agreed for such proposal time being.
    We are under the pressure US, UK and West political manipulation .
    It will heart basic norms of fair function of Democracy in an Island.

Main News