20 ගැන ජනපති මැදුරේ තීරණාත්මක සාකච්චාවක්.. වාසු, විමල්, උදය, දොලවත්ත, ගෙවිදු තදින් හැපේ..

September 22, 2020 at 9:20 am | lanka C news
20 ගැන ජනපති මැදුරේ තීරණාත්මක සාකච්චාවක්.. වාසු, විමල්, උදය, දොලවත්ත, ගෙවිදු තදින් හැපේ..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියළු දෙනා එක් ස්ථාවරයක සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීන්දු කර තිබේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදීය.

විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් යම් උණුසුම්කාරී තත්ත්වයක් එහිදී මතුව තිබිණි.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, පේ‍්‍රමනාත් දොලවත්ත යන මැති ඇමතිවරුන් මෙම සංශෝධනයේ ඇති අහිතකර වගන්ති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් පළ කර ඇත.

තවත් පිරිසක් එම අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ 20 වන සංශෝධනයට අවශ්‍ය සංශෝධන ඇත්නම් ඒවා කාරක සභා අවස්ථාවේදී ඇතුළු කරන ලෙසයි.

නමුත් අවසන් වශයෙන් ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එක මතයක සිටිය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබේ.

මෙම සංශෝධනියේ තාක්ෂණික දෝෂ කිහිපයක් මතු ව ඇතත් ඒවා නව ව්‍යවස්ථාවක් යටතේ නිවැරදි කළ යුතුව ඇතැයි ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇත.

98,664 views

37 Comments to “20 ගැන ජනපති මැදුරේ තීරණාත්මක සාකච්චාවක්.. වාසු, විමල්, උදය, දොලවත්ත, ගෙවිදු තදින් හැපේ..”

  1. Jehan says:

    ඔය සාකච්චාව 20 හදද්දී තිබුනනම් ඉවරනේ. තනියෙන් හදලා දැන් කියනවා එක මතයක ඉන්න ඕනෙලු. මහජන නියෝජිතයෝ පබයෝ නොවිය යුතුයි.

    • නාලක says:

      2015 දී වගේ 2020 දිත් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යනකොට 2002 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනාගේ ඒකමතික තීරණය මග හැර යයිද?

    • Hudson says:

      Un okkoma anthimata pambayo. yes sir, no sir , three bags full sir. thamata pera rata newei, ratata pera thama kiyana eka thamai munge slogan eka.

  2. saman says:

    රට දියුණු කරන්න දගලන හැටි දැක්කම දුකත් හිතෙනවා. හැමදේම කරන්නෙ අපි වෙනුවෙන් නේද කියලා හිතෙනවා

    • kkuruwita says:

      යහපාලනේ මහ බැංකුව හොරා කා ගෙනම රට දියුණු කරන කොට දුක හිතුනේ නැද්ද ?

    • Jehan says:

      නරක දේට නරකයි කියනවා වගේම හොද දේට හොදයි කියන්නත් ඕනෙ. කොරෝනා පාලනය කරේ ජනතාව වෙනුවෙන් තමයි. කහ වවන්නේ ගොවියො ගැන හිතලා තමයි නැතුව ගෝටට කන්න නෙවේ. ලන්කාවේ බෙහෙත් අවශ්යතාව ලන්කාවෙම හදන්නෙත් මිනිස්සු වෙනුවෙන් තමයි. තව නොබෝ දිනකින් වාහන ලන්කාවෙම එකලස් කරන්න පටන් ගන්නෙත් රටේ මිනිස්සු වෙනුවෙන් තමයි. කොලබ තත්වෙට නගර 4, 5ක් හදන්නෙත් මිනිස්සු වෙනුවෙන් තමයි.

    • ජනජය says:

      අපි වෙනුවෙන් …උඹ වෙනුවෙන් නෙවෙයි ..

      • justin says:

        උබ අද මේක ලියලා තියා ගනින්. තව අවුරුදු 5 කින් කියවල බලපන් රට හදලද නැද්ද කියල? එදාට තනියම කල්පන කරලා බලපන්.

  3. Nimal R says:

    ආණ්ඩුව මතක තියාගන්න ඕනෑ විමල්, උදය, වාසුල හින්ද නෙවෙයිනම් මහින්ද සුළඟක් ඇතිවෙන්නේ නැහැ .මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලණයට ගෙනාවේ ඔවුන් .මහින්ද රාජපක්ෂ නොආවානම් මෙහෙම ජාතිකවාදීන් එකමුතුවීමක් සිදුවන්නේත් නැහැ .එහෙනම් ගෝට දිනන්නෙත් නැහැ ,පොහොට්ටුව දිනන්නෙත් නැහැ .විමල්, උදය, වාසුල ඇතුළු ජතිකවාදීන්ට ඇහුම්කන් නොදුන්නොත් ආණ්ඩුවට වැඩිකල් පැවැත්මකුත් නැහැ.

    • සිංහල බන්ඩා says:

      ද්විත්ත පුරවැසියන්ට රාජ්‍ය බලය ඉහල තනතුරැ ගන්න ඉඩත් නොතිබිය යුතුය්.

      • රට වෙනුවෙන් says:

        බංඩො උඹට ඔල්මාදද
        ලංකාවේ පුරවැසියෝ ආරක්ෂක ලේකම් වෙලා නොකළ දේ ඔරිජිනල් ඇමරිකන් පුරවැසියා (ද්විත්ව පුරවැසිකම නෑ) ආරක්ෂක ලේකම් වෙලා යුද්දේ අහවරකළා නං. ඇයි ඉතින් ද්විත්ව පුරවැසියන්ට රාජ්‍ය බලය ඉහල තනතුරැ ගන්න ඉඩත් නොතිබිය යුතුයි කියන්න තවුසෙ ඔච්චරම කුහකද . බෛයො උනාට කමක් නෑ බංඩො සාඩින් බෛයෙක් වෙන්න එපා.

    • Jehan says:

      අනික චන්දදායකයන්ගේ සාධාරණ ඉල්ලීම්. ද්විත්ව පුරවැසියන්ට පාලන තන්ත්‍රයට සහභාගී වෙන්න නොදීම තාර්කිකව ගත්තම හරි. ඒක ඉවත් කරන්න කිසිම හේතුවක් තිබුනේ නෑ.

      • රට වෙනුවෙන් says:

        ජෙහාන්, බොරු කියන්න එපා චන්දදයකයෝ ඕක ඉල්ලුවේ නෑ බං.

    • ජනජය says:

      කතාවට එකගයි සහෝදරයා ..

    • ගරසරප says:

      මේක හැමදාම වෙන දේ නේ. ජාතිකවාදීන් ආන්ඩුවක් ගෙනාවම වෙන එවුන් ඒක කිඩ්නැප් කරනවා. ඊට පස්සෙ ආන්ඩුව හොද එකෙන් ඇනගන්නවා. ඊට පස්සෙ එන පරාදීන ආන්ඩුව එක්ක හැපෙන්න ඕන ජාතික ව්‍යාපාරය. එහෙම මඩ ගාගෙන හදාගන්න ආන්ඩුව ආයෙම මහින්දට භාර දෙනවා. පරන චක්කරේ ආයෙ පටන්ගන්නවා. එහෙම නොවෙන්න ජාතික ව්‍යාපාරය alternatives ගැන හිතන්න ඕන. දැම්මම .

    • Aurora says:

      ද්විත්ව පුරවැසියෝද මේ රටේ විතරක් පුරවැසියෝද කියන එක නොවේ වඩා වැදගත්, කවුරු වුනත් දේශප්‍රේමියෙක්ද කියන එකයි. රනිල්, මංගල මේ ද්විත්ව පුරවැසියෝ නොවුනත් වෙනත් රටවල්වල සිපයි වහල්ලු. කරන තරමක් කලේ ශ්‍රී ලංකාවට ද්‍රෝහිකම්. නමුත් ජනාධිපති වෙනත් රටකත් පුරවැසියෙක් වුණාම ඒක අපේ රටට අවමානයක්. අපේ ජනාධිපති මොකක්හරි රටක අවශේෂ පුරවැසියෙක්. එතකොට ඒ මොකක්හරි රට අංක 1, අපේ ජනාධිපති අංක 2, එතකොට අපි? හැබැයි මන්ත්‍රී, ඇමති කෙනෙක් වෙනෙක වෙනස්.

  4. NPP says:

    How ever Audit commission and Audit department should be demolished to develop country. THEY are HUNTING DOGS.

  5. සමන්කුමාර says:

    විමල්, උදය, ඇතුළු ජතිකවාදීන්ට සහ වාසු ඇතුලු ප්‍රගතිශීලී කදවුරට ඇහුම්කන් නොදුන්නොත් ආණ්ඩුවට වැඩිකල් පැවැත්මකුත් නැහැ.

  6. විමල් ට දීපු ඡන්දෙන් වැඩක් වෙයි ද? says:

    ඡන්ද දායකයන් වන අපට වැදගත් වනුයේ විමල් වීරවංශ තම ඡන්දය ලබා දෙන කෙටුම්පතේ ඇති වගන්ති මොනවාද යන්න මිස (එනම් විමල් වීරවංශගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වන ව්‍යස්ථා සන්ශෝධනයේ ඇති වගන්ති මොනවාද යන්න මිස), ඔහු කා සමග ගැටුනාද, කෙතරම් තදින් ගැටුනාද , ආදිය නොවේ. (විමල් වීරවංශ තම ඡන්දය ලබා දුන් පසු ඔහු එකී වගන්ති වලට පක්ෂ යැයි අපට නිගමනය කිරීමට සිදු වෙයි.)

  7. SDG says:

    It seems that, this matter is not being handed in professional way, we expected good /professional approaches than this when taking sensitive issues to the country. Why this meeting could be arranged before drafting the proposal? If required to include the things favorable to the country this matter is not much difficult to settle .All people will help, what we can see is that some people are trying their best to do some un acceptable thing according to their personal agenda . That is why this much of difficult to come to a common platform.
    Time is wasting and now almost one year about to over..need to see what are the good things we could gained last 10 -12 months..
    Need very professional approach than this …

  8. SDG says:

    It seems that, this matter is not being handed in professional way, we expected good /professional approaches than this when taking sensitive issues to the country. Why this meeting could be arranged before drafting the proposal? If required to include the things favorable to the country this matter is not much difficult to settle .All people will help, what we can see is that some people are trying their best to do some un acceptable thing according to their personal agenda . That is why this much of difficult to come to a common platform.
    Time is wasting now almost one year about to over..need to see what are the good things we could gained last 10 -12 months..
    Need very professional approach than this …

  9. S.Vitharana says:

    Victory of democracy brings failure of democracy. Failure of democracy brings one man show. Yes, You know who are laughing ? Ranil, Dayan J, Sarath F, and the like!

  10. Deshapremi says:

    The President should know that running the country is different to giving orders and targets to security forces.

    • රට වෙනුවෙන් says:

      Another සාඩින් බෛයෙක් who thinks only he knows but the President doesn’t know.

Main News