20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා..- මැදගොඩ හිමි..

September 17, 2020 at 12:02 am | lanka C news
20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා..- මැදගොඩ හිමි..

20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී තමන් අපහසුතාවයට පත්වෙන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

20 වන සංශෝධනය ගැන ජනතාව විමසද්දී තමන් ඇකිලී යන ගතියක් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

අර්ජුවන මහේන්ද‍්‍රන් වැනි පිටරැටියන්ට රට සූරා කෑමට බැරිවීමට මෙන්ම දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හදන්න බැරි විය යුතු බවත් රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත් ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

25,863 views

15 Comments to “20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා..- මැදගොඩ හිමි..”

  1. Aurora says:

    මොනවට ඇකිලෙනවද හාමුදුරුවනේ, මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමාගෙන් ආරක්‍ෂාව, ආර්ථික සමුර්ධිය, සියළු යටිතල පහසුකම් වල වර්ධණය, දරුවන්ගේ අනාගතය, රාජ්‍ය දේපළවල ආරක්‍ෂාව, රජයේ මැති ඇමති සහ උසස් නිලධාරීන්ගෙන් ආරක්‍ෂාව සහ මහජන සේවය, පරිසරය රැකගැනීම ආදී කී නොකී දහසක් දේවල් බලාපොරොත්තු වෙද්දී ජනාධිපතිතුමාට යම් ආරක්‍ෂාවක් ඕන කියන්න බැරි මොකද? ඇයි එතුමා වෙනුවෙන් පෙනීඉන්න බැරි. මල ඉලව් ප්‍රජාතන්ත්‍රවාදය යන නමින් ඕනෑම අපතයෙකුට රට කදකප්ප්පල් කරන්න තියන අවස්ථාව වලක්වන්න ඕන. ඊ සඳහා නීතියට උඩින් ඉන්න බලයක් එතුමාට ඕන. 20 සංශෝධනේ තියන නීති අනුමත කරගන්න ජනමතයෙන් පුළුවන් කියන වගන්තිය අතිශයින් වැදගත්, ඒක දේශපාලුවන්ට ඕන නැති වුනාට ජනතාවට ඕන.

  2. ගොමයා says:

    ඔබ වහන්සේලා මොනවටෑ ඕවට උත්තර බදින්නේ: ධර්මය ගැන ප්‍රශ්න වලට උත්තර දුන්නම මදෑ. අදාල නැති subject වලට ඇඟිලි නොගහ හිටියනම් අහකයි නෙව.

  3. දුටුගැමුණු says:

    සිවුර බලයක් කරගෙන දොඩවන වාචාල පෘතක්ජන චීවරධාරී දේශපාලන තක්කඩියන් බුද්ධ ශාසනය වනසන බැවින් මුන් ශාසනයෙන් පන්නා දැමීමට ජාත්‍යන්තර නීති සම්පාදනය කල යුතුය

Leave a Comment

Main News