20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා..- මැදගොඩ හිමි..

September 17, 2020 at 12:02 am | lanka C news
20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා..- මැදගොඩ හිමි..

20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී තමන් අපහසුතාවයට පත්වෙන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

20 වන සංශෝධනය ගැන ජනතාව විමසද්දී තමන් ඇකිලී යන ගතියක් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

අර්ජුවන මහේන්ද‍්‍රන් වැනි පිටරැටියන්ට රට සූරා කෑමට බැරිවීමට මෙන්ම දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හදන්න බැරි විය යුතු බවත් රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත් ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

26,285 views

15 Comments to “20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැතිව අපි ඇකිලෙනවා..- මැදගොඩ හිමි..”

  1. රට වෙනුවෙන් says:

    20 ගැන මිනිස්සු අහනකොට මක්කටයි උත්තර නැතිව ඇකිලෙන්නේ අර අපේ හතේ පොතට දුන්න වගේ ඇෂ්ටි හැලෙන්න දෙන්න – ඒ කිව්වේ – වදාරන්න එපැයි අපේ හාමුදුරුවනේ

  2. Upul Attanayake says:

    Dena danayak Valadagana inna berida ?Nivana kese vethath Apaya sure.
    Desapalanayata Mokatada Ange awayave Akilenne.
    Peru danaya nethi una davasata.

    Budun vahaneseta Baninna epa Dahame Aduwak Kiyala

  3. මහී ජිනපාල says:

    ඇයි අපේ හාමුදුරුවනේ මොකක් හරි අසනීපයක්ද?

  4. පොල්ගහවෙල says:

    ආ . එහමද අබරෙනවද තාම පටන් ගත්තේ නැ හාමුදුරුවනේ දැන් sorry හොද වැඩේ කෝ දැන් කගහන්නේ නැද්ද කැලැ කපනවා කොටි එනවා තම්බි එනවා රට පාවලා දෙනවා අනේ ය ….. දැන් සැපද

    • වර්ණපුර says:

      යහපාලුවො එලව ගත්ත එකනම් දහස් ගුනයකින් සැපක්.

  5. saman says:

    ඇයි කැලේ කපන එකට හැකිලෙන්නෙ නැතුව දෙන්න උත්තර තියනවද?

  6. MD says:

    හාමුදුරුවනි ඔවැනි පකාශ නිකුත් කිරීමට පෙර වරක් දෙවරක් නොව කීපවරක්ම සිතන්න.ඔහොම වුනාම අපට ඔබ වහන්සේලා ගැන විශ්වාසය තබමින් ඉදිරියට යන්න නොහැකි වනවා.මස් රාත්තලම ඉල්ලන්න යන්න ඵපා හාමුදුරුවනේ.ජරා ජීර්ණ වුණ රටක් ඵක වර හදන්න පුළුවන්ද?

  7. AK47 says:

    මෙයා හාමුදුරුනමක් නොවේ. සුපිරි වෙළඳ සංකීර්නයක් හිමි මුදලාලි කෙනෙකි.

  8. Sakunthala says:

    ඔබ වහන්සේ පමණක් නොවෙයි අපිත් හැංගෙනවා

  9. malraj says:

    ඇයි අපේ හාමුදුරුවනේ මොකක් හරි අසනීපයක්ද? ane pawe neda minussu හාමුදුරුවනේ

  10. අල්ලා says:

    අපෙ හාන්දුරුවො නිවන් මග ඇහුවොත් උත්තර තියනවද..?

Main News