20 ගෙන ආ යුත්තේ සංඝ රත්නයේ අනුමැතියෙනුයි.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්..

October 19, 2020 at 2:10 pm | lanka C news
20 ගෙන ආ යුත්තේ සංඝ රත්නයේ අනුමැතියෙනුයි.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්..

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් එය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිව සිදු කරන ලෙස පැවිදි හඬ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

එසේ නොමැතිව හිතුවක්කාරකමට සංශෝධනය ගෙන එනවා නම් මහා සංඝරත්නය කිසිසේත්ම එයට එකඟ නොවන බවද සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

මහා සංඝරත්නයට පිටුපා දී යමක් ගෙන ඒමට කවුරුන් හෝ සූදානම් වන්නේ නම් ඒ සියලු දෙනාටම පිළිතුරු දෙන්නට සංඝරත්නය සූදානම් බවද උන්වහන්සේ කියා සිටියහ.

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට තමන් වහන්සේලා මුල් වූ බව සැබෑ නමුත් අද ආණ්ඩුවට තමන් වහන්සේලා සිටින බවක් ගැන අවබෝධයක් නැති වීම ගැන කනගාටු වන බවත් ඒ හිමියෝ පැවසූහ.

ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පිරිස අමතක කර දමා අලුත් අය දමාගෙන ඔවුන්ගේ උපදෙස් මත යන ගමනට දැඩිව විරෝධය පළ කරන බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් කල් දැමීම වඩා සුදුසු බවත් මාධ්‍ය හමුව අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කලහ.

තුනෙන් දෙකක බලයක් තිබියදී 20 සංශෝධනයට මෙතරම් කලබලයක් මන්දැයි උන් වහන්සේ ප‍්‍රශ්ණ කලහ.

34,131 views

23 Comments to “20 ගෙන ආ යුත්තේ සංඝ රත්නයේ අනුමැතියෙනුයි.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්..”

  1. PULATHISI says:

    20 කෙටුම්පත කියවලාවත් නැතුව “සල්ලි” කෑගහන හැටි. ලජ්ජා බිය දෙකම නැති අවස්ථාවාදී බුද්ධ චීවරය කිළිටි කරන මුන්වහන්සේලා ද මහා සංඝරත්නය කියන්නේ. කොහොමත් චන් ද්රිවකා, රාජිත, චම්පික මේ හැමගේ පසුබිමේ සිටින බව ඉතා පැහැදිලිය. මේ කියන විදිහට මේ රජය බලයට පත්කරන්න ක්රිචයා කළවුන් කියන කියන ආකාරයට ජනපති සහ අගමැති ක්රිනයා කළ යුතුද? ඊනියා යහපාලන කාලෙ කුක්කන් සේ හැසිරුණු මේ අය දැන් සිංහ වෙස් ගැනීමට උත්සාහ කරන්න් බුද්ධ චීරය ද විනාශ කරමිනි.
    තිරසාර දේශීය දැක්මක් හෝ පිළිවෙතක් නොමැති මේ අවස්ථාවාදීන්ට ජනතාව තව දුරටත් මුලාකළ හැකිද?
    19 අහෝසිකර 20 අනුමතකර සෞභාග්යායේ දැක්ම යථාර්තවත් කරමු.

    • PEOPLE OF COUNTRY says:

      This man and his cult behave and talk like Taleban fundamentalists. A dirty miserable lot.

      We are the Citizens of this country and we elected to Mr. President to restore law and order and to restore the 20th amendment without any hesitation.

    • Manel says:

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව ගැන පාර්ලිමේන්තුවට අවබෝධයක් ලැබේවා…!

      • ඇම්ඩා says:

        19 යේ කුමන්ත්‍රණකරුවන් සමග ආණ්ඩුවේ නීති විශාරදයන් ඩීල්ද?

  2. rane says:

    pavidi handa sanvidanaya kiyanne yahaoalneta kade giya aya bawa api hondta dannawa arunakarala dene deyak valandala pansalata wela inna 64 lakshayak chande dunne ohela kuwa hinnda newei

    • Vjay says:

      Ayi boru kiyanne bengamuwe balala hamuduriwoi Abhayarame mal vatti ussagena yanna dunnu murththettuwe hamuduriwoi, Alle hamuduruwoi yaha palana nadeta viruddawa kochchra rajapaksha ayyala mallilata pakshava hitapu hamudurowo set ekak. Dan Ranil, Chandrika, Champika passen inne me hamuduruwange nemei Gotabaya Jandipathi thumage president’s office eke kattiyage. Milinda moragoda, Kolambage ehema amaricawe agents la kiya kiya kiyanne api nemeine Wimal Weerawansha amthithumane. Anthimedi Basil Malli Rata panala innakota Nugegoda inadan Rallak athi karala dead body ekakata oxygen deela nagittala gaththu campaign ekak paya visit hatharen panala hitapu basil mallige prathiharyayaklu. Mechchara katta kapu Wimaleta Dan Sweeping tea leaves vela, kohedavath hitapu nathi nariyek kiyanava illa as wennalu me laksha gaanak Maha kana chanden chanden dinala apu. Ithin ape Hamururuwanta mehema karana eka ahanna deyakda, 19 nothibuna nam Mahinda mahaththaya thamay Ada Jandipathi. Eka katavath Maha kiyanna baha. Minissu godak GR ta chande dunne Mahinda mahaththaya genna thiyena ekama chance eka ekak nisa..

  3. LION says:

    තුනෙන් දෙකක බලයක් තිබියදී 20 සංශෝධනයට මෙතරම් කලබල MCC කළු තරුව ක්‍රියාත්මක කිරීම ,චීනයට තවත් අපේ ජාතික සම්පත් මුදලට විකිනීමට හෝ බදු දිමටදැයි සැකයක් අපට ඇත …ඒ ගැන ජනතාවගේ අවධානය යොමුකළ යුතුයි .රටේ පවතින වෙනත් ප්‍රශ්න වලට වඩා 20 සංශෝධනය ගැන අවධානය යොමු කල යුතුයි …තමන්ට බලය ලැබුණු පසු දේශපාලකයෝ සිතන්නේ මේ රට ඔවුන්ගේ අම්මගේ අප්පාගේ බුදලය කියලා ..ඔවුන්ගේ වාසියට බලයට ඕනෑම බලු වැඩක් කරනවා …පොහොට්ටුව අනුගමනය කරන්නේ යහපාලනයද ?ඔවුන් නතර කල තැනින් එයම කරන්නද ? ජනතාව පොහොට්ටුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකරන්න

  4. fass says:

    19 genaweth ehema weta athi maye hithe

  5. Sam Fernando says:

    අනේ යන්න හාන්දුන්නේ යන්න. ඔබ වහන්සේලා ඉස්සර ඉදන් වැඩ කරේ ලැබෙන කුට්ටිය අනුව තමයි. එන්ජීඕ කාරයින්ට කඩේ යන්නැතුව පන්සලට වෙලා බණ කියාගෙන ඉන්න හාන්දුන්නේ.
    60නම ලක්ෂයක් ඡන්දය දුන්නේ ගෝඨාභය මහත්තයට සම්පූර්ණ බලය දීලා මේ රට නියම තැනට අරගෙන යන්නයි. ඔච්චර කල් ඔයගොල්ලන්ගේ අනුශාසනා වලට වැඩ කරල පේනවනේ රටට වෙලා තියෙන දෙයක්. තමන්ගෙ වැඩ ටික කරගෙන පන්සලට වෙලා ඉන්න ඒ හොඳටම ඇති

  6. ඇමීලියා says:

    2015 දී පාර්ලිමේන්තුව 2/3 කළ දේ අද පාර්ලිමේන්තුවට කරන්න ජනමතවිචාරණයකුත් ඕනෑනම් 76 ව්‍යවස්ථාව කවද්ද සංශෝධනය වුණේ…,

  7. Godaya says:

    ව්‍යවස්ථා සංශෝධන ගැන බලන සංඝ රත්නත් ඉන්නවද

    • Gune says:

      “20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා.. අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- බදියුදීන්ගේ පක්‍ෂ මාධ්‍ය කැදවා කියයි..”

  8. මහී ජිනපාල says:

    ආගමයි දේශපාලනයයි පටලවාගෙන රට‍ අවුල් කරන්න එපා හාමුදුරුවනේ

Main News