20 දා බිලියන 29ක් සල්ලි අච්චු ගහයි.. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අසාර්ථකයි..

August 24, 2021 at 12:02 am | lanka C news
20 දා බිලියන 29ක් සල්ලි අච්චු ගහයි.. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අසාර්ථකයි..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 20 වෙනිදා රුපියල් බිලියන 29ක් මුදලක් මුද්‍රණය කර ඇතැයි economynext වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වෙබ් අඩවි පෙන්වා දෙන්නේ මහ බැංකුව සිය ප‍්‍රතිපත්ති පොලි අනුපාතයන් ඉහල නංවා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමෙන් පසු මෙම මුදල් මුද්‍රණය කිරීම සිදුකර ඇති බවයි.

ඉකුත් අගෝස්තු 20 වෙනිදා කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ද අසාර්ථක වූ බව ද එහි සඳහන් වෙයි.

43,974 views

15 Comments to “20 දා බිලියන 29ක් සල්ලි අච්චු ගහයි.. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අසාර්ථකයි..”

  1. Unlimited Fun says:

    කරුම-සොව් සහෝදරයන්ට ඔලුව මඤ්ඤං වෙලා. දැන් මුන් සූදු අන්තුවන් වගේ අපේ මාතෘ භූමියත් එකක් සූදු කෙළිනවා.

    • Amaris says:

      80 දශකයේ අග බාගයේ හෝ 90 දශකයේ මුල මම රුසියාවට ගියා. මොස්කව් ගුවන්තොටුපලේ සිට මගේ හෝටලයට යාමට ටැක්සියකට ගොඩ උනා රියදුරු මගෙන් විමසුවා ඩොලර් මාරු කිරීමට ඇද්ද යන්නත් බැංකුවට වඩා ඉතා වැඩි මුදලක් දෙන බවත් පැවසුවා.මම ඩොලර් 100 ඔහුට දී මාරු කරගත්ත. මට රුබෙල් විශාල නෝට්ටු තොගයක් ලැබුනා. එය මගේ පර්ස් එකට තබා කලිසමේ සාක්කු වලටවත් දැමීමට නොහැකි නෝට්ටු තොගයක්. පසුව එම මුදල් වලින් කිසිම ප්‍රයෝජනයක් නැතිවගියා .සෑම අවස්තවකදීම ඔහුන්ගේ රටේ මුදල් ප්‍රතික්ශේප කලා. ඉතාම සුළු දෙයක් මිළදීගැනීමට පවා ඔහුන් ඉල්ලුවේ ඩොලර්. පසුව මගේ මුදල් හෝටලයේ සේවකයින්ට දුන්න. මෙහෙම මුදල් අච්චු ගැසීමෙන් ඒ වගේ තත්වයක් ලංකාවෙත් උදා වෙනවා.

  2. 3% ට බය බයියා. says:

    හැම දෙයක් ම ආසාර්ථක ආණ්ඩුව .සාර්ථකව ගසාකෑම් කරගෙන යයි.

    • සීයට තුනේ එකෙක් says:

      අනේ මටනං ඔය මොනා උනත් කමක් නෑ. මට විරෝධතා වලට, රනිල් හාමුගේ වැඩ කරලා දෙනවට මට හම්බවෙනවා අමෙරිකානු ඩොලර්.

      මට තියෙන්නේ රාජපක්ෂ හොරා, රත්තරං අශ්වයෝ, ලම්බෝගිනි, හෙලිකොප්ටර් කියන්න විතරයි. (අමතක උනා …. රනිල් හාමු රටම හොරා කෑවත් රනිල් හාමුව ආරක්ෂා කරන්නත් ඕන, බටලන්ද කියලා එකක් තිබුනෙත් නෑ)

      • Jagath says:

        හෙල්පින් හම්බන්තොට, සිරිලිය ගිණුම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, නෙළුම් කුලුනෙන් ගහපු කෝටි 200 ගැන හෙව්වොත් මොකද?

  3. A Sri Lankan says:

    Time for Unpopular decisions has arrived. Significant Expenditure reduction and Project prioritisation will help…. The list is too long but it has to happen.

  4. Boo says:

    සල්ලි වැඩි වෙන එක හොඳයි එතකොට දුප්පත් මිනිසුන්ටත් වැඩියෙන් සල්ලි එනව.

  5. Sirisoma says:

    Minimum 20% expenditure reduction from Top to Bottom covering all the Ministries. The low interest tactic has to stop. If the rate is correct money will come. .

  6. කඩවත වීරමුණි says:

    පැහැදිලි කරගන්න අහන්නේ. කබ්රාල් මහත්තයා කියනවා සල්ලි අච්චු ගැහුවට රුපියල බාල්දු වෙන්නේ නැහැ, ඒක ඕනම රටක සාමාන්‍ය දෙයක්, මුදල් අච්චු ගහන්නේ තාවකාලිකව අත්‍යවශ්‍ය වියදම් පියවාගැනීමට කියලා. නැවතත් විදේශ විනිමය එනකොට රුපියල තව දුරටත් ශක්තිමත් වෙනවා කියලා. මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඉතිහාසයේ වැඩිම මුදලක් අච්චු ගැහුවේ 2020-2021 කාලයේ. එහෙම නම් මේ වෙනකොට හැම භාණ්ඩයක් ම, සැවාවක්ම නොසෙහෙන්න ගනන් යන්න ඕන නමුත් අඇත්තෙන්ම එහෙම වෙලා නැහැ.

    • Wijebahu says:

      It may be true as long as no imports. Ie no medicine imported and use pani type local medicine as a replacement.😀But more money circulating will jump up the demand for commodities and price. This is where u need a wheel barrow of money to buy a loaf of bread🤣

      • කඩවත වීරමුණි says:

        නමුත් මෙතන තියෙන්නේ රජය සතුව ඇති විදේශ විනිමය සංචිත වලට සාපේක්ෂ රුපියල් ප්‍රමාණය ඉහළ යාමක්. ඉදිරියේදී විදේශ විනිමය දෝරෙ ගලනකොට රුපියල නිකම්ම උඩට එනවා. එතකොට දැනට ගෙවන මුදලට වඩා ඉතා අඩු මුදලක් ගෙවලා තෙල් බෙහෙත් කිරිපිටි ආනයනය කරන්න පුළුවන්. ඒක පොදු මහජනතාව ට ඉතා හොඳ දෙයක්. දැනට හංගාගෙන ඉන්න භාණ්ඩ ආනයනය කරුවන් ට තවදුරටත් ඒක කරන්න බැහැ.
        නමුත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ වල සේවා වල මිල තරමක් ඉහළ යන්න පුළුවන් මිනිස්සු අතේ වැඩිපුර රුපියල් තියන නිසා. එහෙම උනොත් ඒ භාණ්ඩ ත් ආනයනය කළා නම නිකම්ම දේශීය මිල පාලනය වෙයි. එහෙම නේද ?

    • SAMAN says:

      CABBA KIYANE ARTHIKAYA GANA MELE DEYAK DANNE NATHI THAMAGE GON THARKA PAMANAK WISHWASAYA THABA ATHI MODA PISSEK !!

  7. Banda says:

    This will work as long as CBSL can mop up excess*liquidity using various tools available… But the interest rate has to be attractive for investors. …