20 පරදන්න SJB ශ‍්‍රීලනිප ලොක්කෙක් හමුවේ..

September 27, 2020 at 10:25 pm | lanka C news
20 පරදන්න SJB ශ‍්‍රීලනිප ලොක්කෙක් හමුවේ..

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ද වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකග කරවා ගැනීම සදහා සාකච්ඡා කිරීමට විපක්ෂයේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් කිහිප දෙනෙකු අවස්ථා දෙක තුනකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම නායකයෙක් මුණගැසී ඇත.

එසේ මහමු වූ ුවස්ථාවල ඔවුන් පවසා ඇත්තේ 20 වෙනි සංශෝධනයයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානියක් සිදුවන බවත් එය සම්මත කිරීමට ඉඩ නොදිය යුතු බවත්ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා ඔවුනගේ අදහස් සියල්ල නිහඬව අසා සිටීම පමණක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු වචනයක් ප්‍රකාශ කර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර 20 සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට ශ5ීලනිපය විසින් කමිටුවක් පත් කර ඇත.

එම පක්‍ෂ මහ ලේකම්වරයා සදහන් කරන්නේ යෝජිත කෙටුම්ත තුල වැරදි අඩුපාඩු බොහෝ ඇති බවත් මහජන මතයට පිටුපා වැඩ කිරීමට ශ‍්‍රීලනිපය සූදානම් නැති බවත්ය.

22,251 views

2 Comments to “20 පරදන්න SJB ශ‍්‍රීලනිප ලොක්කෙක් හමුවේ..”

  1. Godaya says:

    May be “Ukussa”

  2. අමල් says:

    විසසෙන් විමල් ලා විරුද්ධ වූ කොටස් ඉවත් නොකළහොත් 20 පාරද වෙනවා හෝ විමල් ලාට පාරක බැහැලා යන්න බැරි වෙනවා.

Main News