20 පරදා 19 රැකගන්න ජවිපෙ රට වටා සම්මන්ත්රණ..
September 19, 2020 at 12:00 pm | lanka C news
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එළැඹෙන 24 වන දින සිට එම සම්මන්ත්රණ රට පුරා ආරම්භ කරන බව ජන එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය
විසිවෙනි සංශෝධනය හරහා මෙරට ප්රජාතන්ත්රවාදයට හා ජනතාවට කරන බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මෙම සම්මන්ත්රණ මාලාව සංවිධානය කරන බවද ඒ මහතා පැවසීය.