20 ප‍්‍රශ්ණ ගණනාවක් තියෙනවා.. ඇමතිකම් නැතිවුනත් අබියෝගයට මුහුණ දෙනවා..- ශ‍්‍රීලනිපය කියයි..

September 25, 2020 at 10:32 pm | lanka C news
20 ප‍්‍රශ්ණ ගණනාවක් තියෙනවා.. ඇමතිකම් නැතිවුනත් අබියෝගයට මුහුණ දෙනවා..- ශ‍්‍රීලනිපය කියයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති 20 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ප්‍රශ්න ගණනාවක් ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් එම ගැටළු ප්‍රසිද්ධියේ කතා කරා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නැති බවද ඔහු පැවසීය.

පක්ෂයක් ලෙස 20 වන සංශෝධනය ගැන වන යෝජනා අදහස් ලිඛිතව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කොළඹ දී සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්‍ෂයක් ලෙස ශක්තිය දිය යුතු බවද මහලේකම්වරයා තවදුරටත් එහිදී කියා සිටියේය.

මේ ගමන අසීරු ගමනක් බවත් එහිදී ඇමති ධුර මන්ත‍්‍රී ධුර, සංවිධායක ධුර අහිමි වුවද අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද ඔහු තව දුරටත් පැවසීය.

25,891 views

5 Comments to “20 ප‍්‍රශ්ණ ගණනාවක් තියෙනවා.. ඇමතිකම් නැතිවුනත් අබියෝගයට මුහුණ දෙනවා..- ශ‍්‍රීලනිපය කියයි..”

  1. RED BULL says:

    බතික් සරමක් ඇඳ ගත් රිළවෙක්.දෙපත් නයෙක්. ඇදහිය නොහැකි කබරයෙක්.

  2. @හැමදාම කමෙන්ට් ලියන Alapaluwa !! says:

    @හැමදාම කමෙන්ට් ලියන Alapaluwa !!

    මේ නං ලංකා C නිවුස්‍ වෙන්න බෑ මේක සුවර් එකටම කොටි නාකොටි මාධ්‍ය ජාලයක්..
    කමෙන්ට් දාන්නේ 10 ක් විතර ඒත් බලලා තියෙනවා ලක්‍ෂය පන්නලා මේක රැවටීමක්…
    ඕල්ඩ් කමෙන්ට්… නිව් කමෙන්ට් දාපුවා බලනකොට බැලුවා කියන සංඛ්‍යාව වැඩියෙන් පෙන්වනවා නේද
    මේකෙ හැමදාම කමෙන්ට් ලියන Alapaluwa !!!

  3. මෝලංගිරියා says:

    හොඳට රස ඇමති මස් කට්ටක් එහෙම හම්බ උනානම් ඔය ප්‍රශ්ණ දන්නෙම නැතිව විසඳෙනවා.

  4. banda says:

    මොකට මෙවුන්ට ඡන්ද දුන්නාද මන්දා. ජනාධිපතිට පාඩුවේ වැඩක් කරන්න නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකර කෑගහනවා. ඔකුන් කරන්නෙම මේ අවුරැදු ටිකේම එකිනෙකාට බැන ගන්න එක විතරයි. ඔකුන් ඉන්නකම් රට අඩියක්වත් ඉස්සරහට යන්නේ නෑ. ජනාධිපතිතුමා කාටත් බනින්න යන්නේ නෑ. එතුමට වැඩකරන්නවත් මේ පරයෝටික ඉඩ දෙන්නේ නෑ. ගොන් සජියගේ වැඩේ ගොන් හැත්ත එක්ක කෑ ගහන එක. මගෙනම් පෞද්ගලික අදහස රටේ ජනාධිපති කෙනෙක් විතරක් හිටියනම් හොඳටම ඇති.

  5. Pohottuwa says:

    Rilasiro dena deyak kala wena deyak balagena kata wahan hitapiya nathnam wenne Ranilge patiyata wechcha de thamayi SLFP ekatath.