20 වගන්තිවලට වාසුගේ විරෝධය.. කැබිනෙට්ටුවේදී වාසු වට කර චෝදනා..

September 5, 2020 at 10:00 am | lanka C news
20 වගන්තිවලට වාසුගේ විරෝධය.. කැබිනෙට්ටුවේදී වාසු වට කර චෝදනා..

20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ.

නමුත් ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර ඇත.

එහිදී ඇමති වාසුදේවගේ අදහස පැහැදිලි කරමින් ඇමති විමල් විරවංශ මහතා පවසා ඇත්තේ පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස ඇමති වාසුදේව එසේ පෙන්වා දුන් බවත් ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරු දැරීමට ඉඩ නොදෙන බවත්ය.

මෙම සංශෝධනය යම් හෝ සුළු අඩුපාඩුවක් තිබුණොත් විපක්ෂය ඊට අධිකරණයට යනු ඇති නිසා තවදුරටත් අධ්‍යනය කළ ඊළඟ කැබිනට්ටුවේ දිය අනුමත කිරීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී යෝජනා කර ඇතත් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

අවසානයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ එදිනම කෙටුම්පතට අනුමැතිය දී එදිනම ගැසට් කිරීමට යැවීමටයි.

65,139 views

36 Comments to “20 වගන්තිවලට වාසුගේ විරෝධය.. කැබිනෙට්ටුවේදී වාසු වට කර චෝදනා..”

  1. D.Nimal says:

    We too an opposed Dual citizenship that new Norms that Rule by of all Democratic Capitalism , not that western world. But we going to build that Weak nation of Sri Lankan after 425 years of Colonial Rule.
    We wanted One Center rule of by democracy State Not that Manipulated by of Western Hegemonism .

  2. UNP GAL IBBA says:

    මෙයා මචං විගීට පොඩි සපෝර්ට් එකක් දෙනවා වගේ????

  3. Nimal R says:

    What Vasu, Wimal, Udaya say is correct and if Basil or anyone wants to enter parliament. let them shed the dual citizenship. If Gota could do it why the hell can’t others do it. These lackeys of Basil who cannot be trusted were having one leg in the UNP, when Wimal, Udaya, Vasu etc. were doing the Mahinda Sulanga.

  4. කාන්තාර පළඟැටියා says:

    අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඒ අයට බැරි ඇයි. ඒ බැරිකම පිටුපස ඇත්තේ කුමක්ද ? මෙරට යම් දූෂණයකට වංචාවකට චෝදනා එල්ල වූවහොත් අනිත් පුරවැසිකම ඇති රටේ ආරක්ෂාව පැතීම නොවේද ? සමහරු චන්දයකින් ආණ්ඩු පෙරලුනාම ඇමෙරිකාවට පැන්නා මේ රටේ මිනිස්සුන්ට තවම මතකයි. වෙන රටක පුරවැසියන් පාර්ලිමේන්තු එනවාට රටේ මිනිසුන් විරුද්ධ වියයුතුයි.

  5. Thruth says:

    Sirta puluwannam ay Basilta Bari ratawenuwan dwithwa purawasikama ataharinna ..apunam kiyanne meka pawlak wenuwen wiyawasthawa dooshanaya kala kiyala