20 වගන්ති තුනක් ඉවත් කර ගනී.. කැබිනට් මණ්ඩලයට ජනපති දන්වයි..

October 20, 2020 at 12:02 am | lanka C news
20 වගන්ති තුනක් ඉවත් කර ගනී.. කැබිනට් මණ්ඩලයට ජනපති දන්වයි..

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන තුනක් සිදු කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

මහා සංඝරත්නය ඇතුළු සමාජයේ විවිධ කොටස් වලින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම එම සංශෝධන යෝජනා කළ බවද ඇමතිවරයා පැවසීය.

ඒ අනුව විගණනය සම්බන්ධයෙන් 19 සංශෝධනය තිබූ ආකාරයටම තැබීමටත්, හදිසි පනත් සම්මත කිරීමේ ජාතික ආරක්ෂාවට සහ ජාතික ආපදාවන් යන කාරණාවලට පමණක් සීමා කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම 19 සංශෝධනය ආකාරයටම පැවැත්වීමටත් ඒ අනුව යෝජනා වූ බව ඔහු කියා සිටියේය.

70,256 views

22 Comments to “20 වගන්ති තුනක් ඉවත් කර ගනී.. කැබිනට් මණ්ඩලයට ජනපති දන්වයි..”

  1. බූරු පුතානෝ සජීයා says:

    ද්විත්ව පුරවැසියන්ට රටේ බලවත් තනතුරු කිසිවක් නොදිය යුතුයි.

    • සුමන් මහතුන් says:

      එක ඉවත් කරන්න බෑ , මොකද එක ඉවත් කලොත් බැසිල්ට පාර්ලිමේන්තු එන්න බැරිවෙනවා

    • Amaris says:

      එම සංශෝධන 3 හොදටම ප්‍රමානවත් .විවාදයකින් තොරව 20 අද දිනයේම සම්මත කර ගත යුතුයි .ද්විත්ව පුරවැසි බාවය පිළිබද ප්‍රශ්ණය රටේ ජනතාවට ප්‍රශ්ණයක් නොවේ. ජනතාවට අවස්‍ය ජනාධිපතිට පූර්ණ බලය ලබා දී රට සංවර්ධනය කරා ගෙන යාමයි . ඔය 20 ට එරෙහිව කතකරන සංඝයා වහන්සේලා ගෝඨාබය ජනාධිපතිවරනයට ඉදිරිපත් වනවාට විරුද්ධ උන අයයි .උන්වහන්සේල කතා කරන්නේ තමනට පුද්ගලිකව සිදුවන අවාසි ගැන සිතා මිස ජනතාව ගැන් සිතා නොවේ. උන් වහසේලාගේ මතය ජනතා මතය නොවේ .20 සම්මත වීමෙන් පසුව ජනාධිපති කලයුතු ප්‍රතම කාර් ය වන්නේ ජේ ආර් කලා මෙන් සියලුම මැති ඇමති වරුන්ගේ දින නොමැති ඉ ලා අස්වීමේ ලිපි ගෙන ලග තබා ගත යුතුයු. ජේ ආර් රට සංවර්ධනය කලෙ එවැනි බලයක් තිබූ නිසයි. එදා ඔහු බලයට පත්වීමත් සමග විදේශ ආයෝජකයිගෙන් රට පිරී ඉතිරී ගියා .එම කිසිම ආයෝජකයෙකුගෙන් අදමෙන් අදාල ඇමති කප්පං ගත්තේ නෑ .අදින්ඩ වස්තරයක් නැතුව බීඩි ඔතල ගොයම් කපමින් ජීවිකාව ගෙනගිය තරුණියෝ ජීන්ස් ඇදල හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන වායු සමනය කල කර්මාන්තශාලා වල වැඩටගියා.ගමේ කඩපිලේ කිසිම රැකියාවක් නැති තරුණයෝ රැකියා වලට ගියා .එදා මේ අමාරිස් පාසැල් සිසුවෙක් .මගේ උසස් අද්‍යපනයෙන් පසු විදේශ ගත උනා .මම ලෝකයේ බොහෝ දියුණු රට වලට අදටත් යන කෙනෙක්. අපේ රට ගැන ඇත්තේ පුදුම දුකක් දියුණු රටක පැයක උපයන මුදලින් උදේ දිවා හා රාත්‍රී ආහාර ගැනීමට ප්‍රමානවත් .එක්සත් රාජධානිය වගේ රටක දිනක් මහන්සිවී වැඩකලොත් වාහනයක් මිලදී ගැනීමට හැකියි .අපේ රටේ සාමන්‍ය රැකියවාක් කරන අයෙකුට මුලු ජීවිත කාලයෙදීවත් වාහනයක් ගැනීමට නොහැකියි. ලෝකයේ ආහාර ද්‍රව්‍ය මිළ අධිකම රටක් තමා ලංකාව. මේවාට වගකිව යුත්තේ රට කරන දේශ පාලුවන් .

      • Nalin says:

        නියමයි අමාරිස් අයියා. 100% ක් එකගයි. ඉදිරියටත් අපව දැනුවත් කරන්ඩ .

      • vidu says:

        රොබට් නොක්ස්ගෙ කාලෙ රට ගිය කෙනෙක් වගෙ
        රට රටවල ඇයිද්ද අය තම පාලිමේන්තුවෙත් ඉන්නෙ.
        ඔයට වැඩිය ඇවිදල ඇති.
        ඇවිද්ද පලියට , ඒක දිවුනුවු රටක් උන නිසාම රටක් දිවුණු කරන්න වැඩපිලිවෙල දන්නව කියන්වනම් ඒක හොදයි ඔයාගෙ කාලෙ ඔය එක්ක ඇදුම් නැතුව අර මොනවද කර කර හිටපු ඔයා ඇතුලු කටියට පැවසීමට.
        දැන් මිනිස්සු ගොනා ගැරෙද්දී දන්නවා.
        ඔයලවගෙ වැඩවසම් මිනිස්සුන්ට නොතෙරුනාට

      • asela says:

        P K AMARIS , THO HONDATA PASSA ALLANA EKEK BAWA PENAWAA ,APITA NAM ITHIN OYA ALUTH JANADHIPATHI ME WENAKAM KARAPU DEYAK NAHA SAMAN ? PARIPPU ADU KALAA ARENNA

      • himali says:

        මෙහි බයානකම එක දිවිත්ව පුරවැසි බාවය . වෙන රටක එකෙක්ටත් රිංගතහැකි. මේ හදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට විශේෂ වරප්‍රසාද වරදාන දීල රට ඉදනගෙන ලංකාවේ ඉඩන් ටිකට විදින්න

    • ඇම්ඩා says:

      අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට එයිද?…19 සහ 20 ඉවත්කර රට 18ට ගෙනියයිද?
      19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් ලැබෙයිද? උත්තරය නැත යන්නයි. 19 ය සහ 20 දෙකම එන්නේ ඇමෙරිකාවෙන්ම යන්න එයට හේතුව විය හැකිය.

      • Gamini says:

        19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය එළිදරව් කර කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා නීති විශාරදයන් සහ ජාතික සංවිධානවල කිහිප දෙනෙක් ඉඩ නොදෙන්නේ ඇයි? කියා තේරෙන්නෙ ජයම්පති ලංකාවට ආවහම…

    • kkuruwita says:

      අපිත් ඔබේ අදහස සමගයි !!!

    • Hudson says:

      Modaya, umbata dan therenawada booru putahno lassanata wade dunna kiyala. umbalage booru janapathita 20 akula ganna wenawa.

      • 2015 මීහරකා says:

        හෙඃ හෙඃ, මේව අලින්ගෙ-අපේ වැඩ, හරිද?
        හෙඃ හෙඃ
        🐮

  2. monara says:

    ද්විත්ව පුරවැසින්ට තනතුරු නොදිය යුතුයි…

  3. Gota says:

    Thanakola kana sinhayek wage wimal

  4. chandu says:

    ඕවා සර් අලවපු සවරං, ඇත්තටම සර්ට ඕන කරන්න හිතාගෙන ඉන්න ගේම් වලින් නඩුත් නැතුව බේරෙන්න

  5. Rohan says:

    දැන් ද්විත්ව පුරවැසි ප්‍රශ්නේ ඉවරයි වගේ.

  6. de silva says:

    We have been so worried all our hopes for the country are going down the drain. Respect the ability to take a step back when necessary. This is enough for us. Duel citizenship is no problem when citizens are honest and not try to defend them when they are doing something wrong -like RW and his parliament did

  7. නදුන් says:

    ඉදිරියටත් ශ්‍රි ලංකික බෞද්ධ නායකයකු හට පමනක්ද මෙරට ප්‍රධාන ධුර වලට ඉදිරිපත් විය හැක්කේ

  8. KDN says:

    Most Buddhist monks (specially not all ) are waiting for lot of privileges from the government.
    When no response they are against to the government.Not for nothing Muruththettuwe Ananda thero visited Rajitha at the hospital. Recall the disaster done by Mardoluwa thero to the country
    In 2015 with NGO man Sarath Weerasekara

  9. Gammanpila says:

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම

    ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 97%ක් සැකසී ඇත්තේ පසුගිය වසර 200 තුල එරටට සංක්‍රමණය වුණු ජනතාවගෙනි. නමුත් එරට පවා ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාවක් ලබා නොදෙයි. ලොව බොහෝ රටවල ද එම නීතිමය සීමාව දැකිය හැක. එකී නීතිය පසුගිය ආණ්ඩුව ගෙන ආවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ද්වේශ සහගත චේතනාවෙන් වුවද එය සාධනීය පියවරක් ලෙස අපි දකිමු. යම් ජනාධිපතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ පක්ෂපාතිත්වය රටවල් දෙකක් අතර බෙදී ඇත්නම් එකී රට සමග ගනුදෙනු කිරීමේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංකව පෙනී සිටීදැයි යන සාධාරණ සැකයක් ජනතාවට ඇති වනු ඇත.

    • රත්නපාල says:

      ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම කියන එක මේකට රින්ගවල තියෙන්නෙම, කලිනුත් රටින් පැනල ගිය එක හොරෙකුට ආපහු සැරයක් හොරාකාල රටින් පැනගන්න පාර කපාගන්න.

Main News