20 වගන්ති වලට බෙංගමුවේ හිමිත් විරෝධයේ..

September 9, 2020 at 3:22 am | lanka C news
20 වගන්ති වලට බෙංගමුවේ හිමිත් විරෝධයේ..

යෝජිත 20 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ එකඟවිය නොහැකි ඇතැම් කොටස් ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීම එමඟින් වළක්වා ඇති බවත් එය සුදුසු නොවන බවත් පවසන උන් වහන්සේ ජනාධිපති වුවද ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන්නේ නම් ඔහු අධිකරණයට ගෙන යාමට අවස්ථාවක් ලැබිය යුතු බව ද සඳහන් කරති.

එමෙන්ම මෙම පනත මගින් විගණකාධිපතිවරයාගේ බලතල අඩු කර ඇති බවත් ඇතැම් රජයේ ආයතන විගණනය කිරීමේ බලය අත්හිටුවා ඇති බවත් එය පිළිගත නොහැකි බවත් උන්වහන්සේ කියා සිටිති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

37,189 views

11 Comments to “20 වගන්ති වලට බෙංගමුවේ හිමිත් විරෝධයේ..”

  1. තැ.දා.පු. බයියා says:

    ගනයෝ.. දැන්වත් මහන වෙයන්!

  2. Hudson says:

    Kaala waren ganagediyo. Hoooooo.

  3. අප්පුහාමි says:

    ජනතාව කොපමණ අවංක වුවත් පාලකයා එසේ නැත …
    ඔස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි හිමි සහ නීත්‍යානුකුලව වෙනත් රටක පුරවැසිකමකට අයදුම් කල හැකි පාර්ලිමේන්තු මැති ඇමතිවරු ගෙදර යැව්වේ බුරුතු පිටින්.
    ජනපතිට තම ඇමරිකන් පුරවැසි භාවය අහෝසි කිරීමට හැකිනම් ..අනික් උදවියට බැරි ඇයි.?

  4. Jagath says:

    රාජපක්ෂ පරම්පරාවම බලයේ ඉන්න ගහන ගේම් එකක් තමයි 20 කියන්නේ. රටට අබ සරණයි..

  5. kamal says:

    විගනනය කරන්න වෙන්නෙ වැරැද්දක් වෙනවනම් නේ. මේ අන්ඩුව කිසිම වැරැදදක් කරන්නෙ නෑ. කරන්න හිතන්නෙවත් නෑ, එකයි එහෙම කලේ.

  6. Love nature says:

    බුදු දහම ආත්ම දෘෂ්ටියෙන් බැහැර වුවකි. ඒ අනුව මම ය, මගේ ය,මට විතරක්. මං විතරක් යන සංකල්පයන්ට කිසිදු ඉඩක් නො ලැබේ.

  7. sunimal says:

    රටේ කාටත් නිතිය පොදු විය යුතුය,

  8. Love nature says:

    රජතුමා අපායට ගියාම රජතුමා කියා අපායෙන් සමාවක් ලැබෙන්නේ නැහැ මෙය වටහා ගත යුතුයි.

Main News