20 වනදා පාර්ලිමේන්තුවේ බල පෙරලියක්.. 20 සංශෝධනයට එරෙහිව ශ්‍රීලනිප තොගයක් විපක්ෂයට…
September 12, 2017 at 10:40 am | lanka C news
පළාත් සභා මැතිවරණ කල් දැමීම සදහා වූ 20 වන ව්‍යවස්ථා සංශෝධණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ බල තුලනයක් සිදුවනු ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රීලනිප ඇමතිවරැන් පිරිසක් ධුරයන් අතහැර විපක්ෂයට එක්වීම එදිකට සිදුවනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ව්‍යවස්ථා සංශෝධණය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය 19 වැනිදා කතායකවරයාට යොමු කිරීමට නියමිතය.
මේ සම්බන්යෙන් අදහස් පල කරමින් නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ 20 වන සංශෝධණයට ශ්‍රීලනිපයේ බහුතරයක් විරුද්ද බවත් මෙම සංශෝධනය පාරාජය කිරීම සදහා විපක්ෂයට එක්වීමට සිදුවුවහොත් එයද සිදු කිරීම සූදානම් බවත්ය.