20 වන සංශෝධණය ඇතුලේම ෆෙඩරල් ව්‍යවස්ථාව රිංගවයි.. ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න සූදානම්…
July 24, 2018 at 3:26 am | lanka C news
පිවිතුරු හෙල උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජවිපෙ ඉදිරිපත් කළ විසි වන සංශෝධනය 2018 ජූලි 6 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කළා. ස්ථාවර නියෝග 52(5) අනුව ගැසට් කිරීමෙන් සති දෙකකට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. සති දෙක පිරුණේ ජූලි 20 දිනට. ඊට පස්සේ යළි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ 2018 අගෝස්තු 7 වන දා. එදාට මෙම කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.
විසි වන සංශෝධනය හරහා ෆෙඩරල් ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවට
කෙටුම්පත පළමු වර කියෙව්වාට පස්සේ විෂය භාර ඇමතිවරයාට ඒ කියන්නේ අධිකරණ ඇමතිවරයාට වාර්තාවක් ලබා ගැනීම සඳහා යොමු කරනවා. ඇමතිවරයාට මාස හයක් මේ සඳහා කාලය තිබෙනවා. මේ අතරේ සුමන්තිරන්, සුරේන් ප්‍රනාන්දු සහ ජයම්පති තුන් බෑයන් එකතු වෙලා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් හොරෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා. ෆෙඩරල් කෙටුම්පතට අදාළ පාර්ශව ටික එකතු වුණාට පස්සේ විසි වන සංශෝධනය දෙවන වර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. එතකොට 20 වන සංශෝධනය විවාද කරන දවසේ කාරක සභා අවස්ථාවේ දී ෆෙඩරල් ව්‍යවස්ථාව විසි වන සංශෝධනය ඇතුලට ඔබාවි. එතකොට ඒ ෆෙඩරල් ලක්ෂණ අනුමත කර ගන්න ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමේ අවස්ථාව රටේ ජනතාවට අහිමිකරලා ජනමත විචාරනයකින් තොරව පාර්ලිමේන්තුව තුළම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ මහා භයානක අනතුරක් විසි වන සංශෝධනය හරහා ඇතිවී තිබෙනවා.
මේක අළුත් උපක්‍රමයක් නොවේ. පුංචි ඡන්දයට කාන්තා නියෝජනය ගේනවා කියලා ක්ෂේත්‍ර නිලධාරින්ට ඡන්දය ඉල්ලන්න බැරි කලේ මේ ක්‍රමයට. පළාත් සභා ඡන්දයට කාන්තා නියෝජනය ගේනවා කියලා කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දීම හරහා මැතිවරණය දැන් දින නියමයකින් තොරව කල් දමා තිබෙන්නේ මේ ක්‍රමයට. අපි මේ අවස්ථා දෙකේ දීම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නංගි පෙන්වලා අක්කා දෙන මේ ක්‍රමය ප්රජාතන්ත්රවාදයට ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා අපි කිව්වා. ඒත් පාර්ලිමේන්තුවේ ඇතුලේ සිදු වන දේවල් වලට අපට මැදිහත් වෙන්න බෑ කියන ස්ථාවරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ගත්තේ. ඒ නිසා විසි වන සංශෝධනයට ෆෙඩරල් ව්‍යවස්ථාව එබීමට අවශ්‍ය කොල එළිය වත්මන් ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබී තිබෙනවා.
පළමු වර කියැවීමට අපි පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වෙනවා.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අපට ප්‍රශ්නයක්. රට කෑලි නමයකට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම ඊටත් වඩා ප්‍රශ්නයක්. ඒකීය රාජ්‍ය අත්හැර සිටින ජවිපෙ විසි වන සංශෝධනය ඉදිරිපත් කලේ ෆෙඩරල් ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට පාර කැපීමට දැයි සාධාරණ සැකයක් අපට තිබෙනවා. මතක තියා ගන්න. ලබන හත්වෙනිදා හෝ ආසන්න දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන සංශෝධනයක් නොවේ. පෙඩරල් ව්‍යවස්ථාවේ කලලයයි. ඒ නිසා මේ යක් පැටියා ඉපදෙන්න කලින් කලලය අවස්ථාවේම ගබ්සා කිරීම රටට ආදරේ හැමෝගේම යුතුකමක්.
පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම එය ඉදිරියට ගෙන යෑමට පාර්ලිමේන්තුවේ අවසරය ඕනෑ. ඒ නිසා පළමු වර කියැවීමේ දීම ඊට විරුද්ධව ඡන්දය දී කලල අවස්ථාවේම මේ යක් පැටියා ගබ්සා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එය කලල අවස්ථාවේම පරාජය කිරීමට ඒකරාශිවීම රටට ආදරය කරන සියලු දෙනාගේම යුතුකමක් කියන එකත් අපි මේ අවස්ථාවේ සහිපත් කරනවා.
නෙත් එෆ්එම් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව රජය තහවුරු කළ යුතුයි
පණ කෙන්දට ලැදි ඇත්තෝ අද පාතාලය මේ රටේ කරන විනාශ ගැන කතා කරන්නේ නෑ. ජීවිතය බිලි ගනීවි කියන බයට. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිමට සමතලා කරපු පාතාලය අද දේශපාලන අනුග්‍රහයෙන් හිනි පෙත්තට නැගලා. මේ ගිනි අවි බිහි කරන ගිනි කෙළි සංස්කෘතියට බයෙන් සමාජය හිරි වැටිලා ඉන්න විට සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ ගෝලයින් ලෙස පාතාල සාමාජිකයින් පස්දෙනෙකු සිටින බව පළමු වරට හෙලි කලේ නෙත් එෆ්එම් ගුවන් විදුලිය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයලා ඒ සාමාජිකයින් ඉවත් කරනවා වෙනුවට ඇමති ෆොන්සේකා කලේ හේමන්ත කහවලගේ කියන මේ මාධ්‍යවේදියාට තර්ජනය කරන එක.
අද ගම්පහ පොලිස් නිලධාරින් අපට කියන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්න කියලා ඔවුන්ට වැඩිම දේශපාලන බලපෑම් එල්ල වෙන්නේ ෆොන්සේකා ඇමතිවරයාගෙන්. මේ ඇමතිවරයාගේ බලපෑම මත මෑතක දී කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් වෙනුවට එයාගේ සහෝදරියක් අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට සිදු වෙලා තිබෙනවා. මෙයාට නීතිය සහ සාමය ඇමති ධූරය භාර දුන්නා නම් කොහොමට තිබේවි ද?
අද ෆොන්සේකා ඇමතිවරයා තර්ජනය කිරීම් වලින් නොනැවති මේ මාධ්‍යවේදියාට අපහාස කරන්නත් පටන් අරන්. “මගෙන් විස්කි බෝතල් දෙකක් ඉල්ලුවා ඒක දෙන්න බෑ කිව්ව නිසා මට මේ මාධ්‍යවේදියා අපහාස කරනවා“ කියා ඇමතිතුමා අවලාද නගනවා. දේශපාලනඥයින් අතුරෙන් හේමන්තව වැඩිම කාලයක් හඳුනන්නේ මම. මම හේමන්තව දන්නේ කොට කලිසම ඇඳගෙන පාසල් යන කාලයේ පටන්. මම ඉගෙන ගත් කොළඹ ඩී එස් සේනානායක විදුහලේ තමයි හේමන්තත් ඉගෙන ගත්තේ. මම පාසලේ සිංහල සාහිත්‍ය සංගමයට නායකත්වය දෙන විට හේමන්තත් ඒ නිලධාරි මණ්ඩලයේ හිටියා. ඒ නිසා හේමන්ත දේශපාලකයින්ගෙන් විස්කි බෝතල් ඉල්ලන්න යන්නෙත් නෑ. දේශපාලකයින්ට මඩ ගහන්නෙත් නෑ කියන ඇත්ත කියන්න බය වෙන්නෙත් නෑ කියන එක ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.
මාධ්‍යවේදින් ඝාතනය පිළිබඳ සෘජුව චෝදනා ලබපු පාතාලයට සමීප සම්බන්ධතා පවත්වන සරත් ෆොන්සේකා ඇමතිවරයාගෙන් මේ එල්ල වන මේ තර්ජනය සුළු පටු නෑ. ඒ නිසා හේමන්ත කහවලගේ මාධ්‍යවේදියාට නිසි ආරක්ෂාව සලසා මාධ්‍ය නිදහස තහවුරු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
විග්නේෂ්වරන්ට අභියෝගයක්
දෙමළ ජනතාව ලංකාවේ පදිංචියට ආවේ සිංහල ජනතාවට කලින් යයි උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් පිළිබඳ අපේ අදහස දැක්විය යුතුයි. අවිචාරවත් දේශපාලඥයන් විසින් මෙවැනි මිත්‍යාවන් වැපිරීම හරහා තමයි උතුරේ අහිංසක තරුණයන්ව ආයුධ අතට ගන්න තත්ත්වයට පත් කළේ. ඒ නිසා මම සීවී විග්නේශ්වරන් අමාත්‍යවරයාට අභියෝග කරනවා හැකිනම් ඔබේ සාක්ෂිත් රැගෙන විවාදයකට එන්න. මහාචාර්ය කර් තිගේසු ඉන්ද්‍රපාලන් සදහන් කලේ දහතුන් වන සියවස වනතුරුත් ශ්‍රී ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස පැවති බවට කිසිම ඓතිහාසික සාක්ෂියක් නැති බවයි. ඒ ඇත්ත ප්‍රකාශ කිරීම නිසා දෙමළ බෙදුම්වාදින්ගේ තර්ජනයට ලක් වෙලා එතුමාට රට අත්හැර යන්නට සිදු වුණා. එවැනි පසුබිමක උතුරු පළාත් මහ ඇමතිවරයා මෙවැන්නක් ප්‍රකාශ කරන්නේ කුමන සාධක හමුවේ ද කියලා අපි ප්‍රශ්න කරන අතරේ මම සී වී විග්නේෂ්වරන් මහ ඇමතිවරයාට අභියෝග කරනවා හැකිනම් සිංහල ජනතාව පදිංචියට ඒමට කලින් ස්ථිර දෙමළ ජනාවාස මේ රටේ තිබුණා කියන එක ඔප්පු කරන්න කියලා අපි එතුමන්ට අභියෝග කරනවා.
– අරවින්ද අතුකෝරල
NIYAMI
GAMMANPILA
JANATHAWA DANUWATH
KIREEMA GANA
OBATA PIN SEDUWEWA
බෙදුම්වාදයට පාර කපන 20 වන සංශෝධනය හකුලා ගනු
ලංකාවට තවත් යුද්ධයක් එපා, එපා, එපාමයි . උතුරු නැගෙනහිර පදිංචි වෙන්ඩ ඔබ හා මම යන්නේ නැත්නම්, එහි අයිතිය දෙමළ හා මුස්ලිම් සහෝදර වරුන්ට දීමේ දීමේ වැරද්දක් මම නම් දක්කිනේ නැහැ. මොකර ඒ මිනිස්සු තමයි අවුරුදු දාස් ගානක් ඒ නිසරු බුමියේ දැඟලුවේ. ගම්මන්පිල වගේ ගෙම්බෝ හදන්නේ තවත් යුද්ධයක් අවුලන්ඩ . දැන් ඕවට මොලේ තියෙන සිංහලයෝ අහුවෙන්නේ නැහැ. ඔන්න ඔය උතුරු නැගෙනහිර දීල දල හරි තවත් යුද්ධයක් ඇති නොවෙනවානම්, රටේ බහුතර ජනතාවගේ පැතුම එයයි.
යුද්ධය එන්නේ පිටින්.වානිජමය හා යුධමය අතින් වැදගත් කම නිසා පිටස්තරයින් ඇත දානවා.20 කියන්නේ රටවල් 9 කට මුල
යුද්ධ ඇතිකරන්නේ හෙලයන්ගේ බිමෙන් කෑල්ලක් කඩු ගැනීමට එන පර දෙමල්ලු නොවේද? ඔවුන් ජීවත් වෙන්නේ හෙලයන්ගෙන් උදුරා ගත් බිමේ. උතුර නැගෙනහිර කියන්නේ සිංහල රටේම කොටසකට. තමිල්නාඩුව දෙමල රට නම් ලංකාව හෙලයන්ගේ රට. ඒක පිලිගන්න බැරිනම් යුද්ධ ඇතිවෙන අපේ වරදක්ද?
නැගෙනහිර මුස්ලිම් අන්තවාදියෝ ගැන නම් කතා කිරීමට තේරුමක් නැත. ඔවුන් යන යන සෑම රටක්ම ගිනි ගනී.
SINHALESE WAKE UP NOW & chase out this sakkili eelam BALU yamapalanaya parayah sunakayo OUT of our motherland NOW.
Oyavage comments dana moda buruvanta notherena deyak kiyalaa dena ayata mada gahana umbala thamai niyama koti.
These bloody, power greedy , opportunistic politicians and their handfull of henchmen are real curse to the
national defense,and sovereignty of the country and the nation.In 1950s , there were several hundreds of
of Sinhala people in the Nothern province including Jaffna district, mainly the bakery owners and otherbusinessmen from southern province.Some were murdered and other were chased out during the 30 year terrorist period.It is a pity that so called Tamil politicians , whose relatives and their community live happilyIn Wellawatte , Dehiwala, Ratmalana etc. areas , donot allow those displaced Sinhala people to be resettled in their own properties.They have taken their properties illegally and forcibly.The government rehabilitation schemes , seem to be only meant for Tamil and Muslim people.No justice for those chased out Sinhala people .The HELA KARUMARAYA people , who are in this government ,too seem not taking any action about those Sinhala people , who were chased out from their homes.
සුද්දන්ගෙන් නිදහස් වෙන්න කලිං සිංහල කියලා ජාතියක් වත් මේ ලෝකෙ හිටියෙ නෑ. සුද්දන්ට පිං සිද්ද වෙන්න සිංහල ජාතිය බිහිවුනේ. දෙමල කියන්නේ රාමා දෙවියන්ට සීතා දේවිය හොයන්නත්උදව් දීපු ඓතිහාසික ජාතියක්