20 වන සංශෝධනයට ජනමත විචාරණයක් අනිවාර්යයි..- ශේෂ්ඨාධිකරණය තීන්දු කරයි
September 16, 2017 at 12:13 am | lanka C news
පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා යෝජනා කරන 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයක් උවමනා බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇති බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.
නීති ක්ෂෙත්ර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවල තව දුරටත් සදහන්ව ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බලමින් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතුයයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ඇති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ 2-1ක් ලෙස වන මෙම තීන්දුව ගැන දැනටමත් කතානායකවරයාට දන්වා ඇති අතර 20 වන දා මෙම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත බවද සදහන්ය.