20 වන සංශෝධනය ඡන්ද විමසීමටත් පෙර පරාදයි..

June 1, 2018 at 1:20 pm | lanka C news
20 වන සංශෝධනය ඡන්ද විමසීමටත් පෙර පරාදයි..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්තා සංශෝධණය අවශ්‍ය කරන 2/3 බලයකින් සම්මත නොවන තත්වයක් දැනටමත් ඇතිව තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 54 දෙනා මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාද දැනටමත් ඊට විරුද්ද වන බව සදහන් කර ඇත.

ජාතික හෙල උරුමය, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන්් දැනටමත් සදහන් කර ඇත්තේ යෝජනාවට විරුද්ද වන බවයි.

මේ තත්වය මත දැනටමත් මන්ත‍්‍රීවරුන් 75 දෙනෙකු විරුද්ද වීම මත යෝජනාව සම්මත නොවීමට වැඩිම ඉඩක් පවතී.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයද බොහෝ විට යේාජනාවට විරුද්ද වනු ඇති අතර තවත් පිරිසක් ඡුන්ද විමසීමට නොපැමිණ සිටීමටද ඉඩ ඇත.

යෝජනාවට සරල බහුතරයවත් නොලැබී යාමේ ඉඩක්ද නිර්මාන්‍ය වෙමින් තිබේ.

145 views

15 Comments to “20 වන සංශෝධනය ඡන්ද විමසීමටත් පෙර පරාදයි..”

  1. අයර්ලන්තේ චන්ද පුංචි අම්මගේ චන්දේ අපට තියෙනවා. says:

    අයර්ලන්තේ චන්ද පුංචි අම්මගේ චන්දේ අපට තියෙනවා. තුනෙන් දෙක මෙට්ටේ උඩ රතු අලියෝ.

  2. buruputha says:

    Anita Kumara Dissanayaka kiyana thrasyhavadiya saha ema pakshaye siyalu minimaru adahas paraja karamu. JVP saha LTTE yanu Thrasthavadiyoya.

Main News