‘20’ ව්‍යවස්ථා විරෝධීයි.. ජනමත විචාරණය අනිවාර්යයි..- කතානායක ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව දන්වයි.. ඒකාබද්දයෙන් ජයඝෝෂා.. රට පුරා රතිඤ්ඤා පිපිරේ..
September 19, 2017 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝෂනය ආණ්ඩු ක්‍රව ව්‍යවස්ථාවට අනුකුළ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුව හමුවේ අද කියා සිටියේය.
ඒ අනුව එය පාර්ලිමේන්තුවේදී 2/3 ක බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකට යොමු කල යුතු බවද දන්වා ඇත.
මෙම මතය පාර්ලිමේන්තුවට කතානායකවරයා විසින් දැනුම් දෙද්දී එහි සිටි ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රිවරු පිරිස ප්රිති ඝෝෂා කලහ.
රට පුරා විවිධ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා ඇති බවද වාර්තා වෙයි.