20 සංශෝධනයට ජනමත විචාරණ අනවශ්‍යයි.. 2/3 ඇති..- නීතිපති

September 2, 2020 at 4:40 pm | lanka C news
20 සංශෝධනයට ජනමත විචාරණ අනවශ්‍යයි.. 2/3 ඇති..- නීතිපති

20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් කැඳවීම අවශ්‍ය නැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.

නමුත් එම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර සම්මත කළ යුතු යැයි නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

දැනට එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එය ඔක්තෝබර් මාසයේදී සම්මත කරගැනීමට රජය අදහස් කරගෙන සිටී.

25,802 views

13 Comments to “20 සංශෝධනයට ජනමත විචාරණ අනවශ්‍යයි.. 2/3 ඇති..- නීතිපති”

  1. sunimal says:

    20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කරුණු ජනතාවට පැහැදිලි ක‍රන්න

    • Banda says:

      2015 දී සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ මගඩියට සම්බන්ධ අයව බේරා ගැනීමේ මෙහෙයුමට ඇමති මණ්ඩලය අත ගහයි…!

  2. Shirani says:

    2002 දී දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 එදා නීතිපති කටයුතු කළ ආකාරයත් අද නීතිපති කටයුතු කරන ආකාරයේත් වෙනසක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු උල්ලංඝනය කළ හොත් අපහාස නඩු දාන්නේ දුබලයන්ට පමණද? නීතිපති දෙපාර්තමේන්තුවේ අය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළාට කමක් නැද්ද? මෙහෙම රටකට අනාගතයක් තිබේද?

    • Billa says:

      2015 නීතිපති නීතිය කැඩුවට පාඩුවක් වුනේ නැහැනේ.

    • Chandi Kolla says:

      බබා ඔයා 2015 දී ඉපදිලා හිටියේ නැද්ද ඔය ප්‍රශ්නය එදා අහන්න? 2015 දී 2/3 න් සම්මත කරන්න පුළුවන් නම් 2020 දී 2/3 න් අවලංගු කරන්න බැරි ඇයි?

      • Namal says:

        70වන ව්‍යවස්ථාව2015 සංශෝධනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරල…ඒ වගේම 2020ත් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණේ උල්ලංඝණය කරල…කොහොමද ගෝඨාභය මල් හතයි.

      • Neela says:

        2015 දී 70වන ව්‍යවස්ථාව වෙනස් කළේ කුමන්ත්‍රණයකින් කියල බබාලන්තෙ බබාලට තේරෙන්නෙ නැත්තෙ ජීඇල්, මනෝ, මාරපන බබාල මහින්ද බබාට උක්කුං දෙන හින්ද ඡන්දි බබෝ

  3. Kamal says:

    2015 දී 19ය ගෙනාවෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරල. නීතිපති කියන්නෙ නීතිය නටවන නැට්ටුවෙක්ද? 20 ගෙන එන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19යට සෙල්ලම් දාපු අයට දඩුවම් කරලා හිටපල්ලා…නීතිපති නීතිය නවද්දී රටම නීතියෙන් ඇඹරී යයි. තමන්ට වාසිනම් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ උල්ලංඝණය කළාට මොකෝ කියා නීතිපති හිතනවා ඇති. අනේ කාලේ වනේ වාසේ…

    • Sudana says:

      @ Shirani, Kamal – Malla aethule thiyenne monavada kiyala danne nathuva daenmama kata iraa gatthama malla lihuvama thiyena deval gaena katai passapaetthai dekama iraagena inna venavaa.

      • nuwan says:

        19 ය සංශෝධනය කිරීමම බොරුවක්. 19 වෙනුවට 20 ගේනවයි කියන්නේ 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරපු අයට ජනාධීපති ගෝඨාභය මොකුත් කරන්නෙ නෑ කියන එකනෙ. වැරදි කරපු අයට දඩුවම් දෙන්නෙ නැතිව රට හදන්න පුලුවන්ද. පොලිස්පති හිරේ දැම්මට ඊටත් වඩා වැරදි වැඩක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කර ජනතාව රැවටීම. මාරපන පවුල මේ කුමන්ත්‍රෙණ් මුලින්ම ඉන්නෙ ඒ නිසා රාජපක්ෂල මොකුත්ම කරන එකක් නෑ

        • Saman says:

          ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරල 19ය ගේන්න සම්බන්ධ වූ කණ්ඩායම
          2015 හිටපු නීතිපති. 2015 හිටපු නිති කෙටුම්පත් සම්පාදක, වැලිඅමුණ, ජයම්පති, විජේදාස, උපුල් ජයසූරිය, පාක්‍යසෝති, සුමන්තිරන්, මාරපන , ෆයිසර් මුස්තාෆා…තව ඉස්සරහට හොද හොද නැටුම් බලා ගන්න පුලුවන්.

  4. ❤💙💚💛💜 says:

    වට් අ නයිස් හෙයා කට්.

  5. Gudda says:

    2002 දී දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 එදා නීතිපති කටයුතු කළ ආකාරයත් අද නීතිපති කටයුතු කරන ආකාරයේත් වෙනසක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු උල්ලංඝනය කළ හොත් අපහාස නඩු දාන්නේ දුබලයන්ට පමණද?

    නීතිපති දෙපාර්තමේන්තුවේ අය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් නීති කෙටුම්පත් කළාට කමක් නැද්ද?
    මෙහෙම රටකට අනාගතයක් තිබේද? නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළ හැකිද?

    පොලිස්පති හිරේ ගියාට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් පනත් කෙටුම්පත් කෙටුම්පත් කළ නීතිපතිලා දඩුවම් විදීද?

    ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් බේරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කරයිද?

Main News